"ශියී.."
"ආහ්... අනේ මෙන්න අපේ නපුරු කුමාරයා අඬනවා.."
"ශියී.. මේක ලස්සනයි.. මට ඕක දෙනවකෝ.."
"හහ්... මගේ මහන්සියට ගෙවන්න වෙයි.. හරි හරි.. දැන් සීරියස් වෙන්නකො.. මං දැන් වැදගත් දෙයක් කතා කරන්නයි යන්නෙ..මට දැන් ඔයාගෙන් දැනගන්න දෙයක් තීනවා.. මං හිතනවා ඔයා මට ඇත්ත කියයි කියල.."
"මොකක්ද?"
යීබෝ බිම බලාගෙන ඇහුවෙ දැන් ශියී කතා කරන්න යන්නෙ මොකක් ගැනද කියල දන්න නිසා..ශියී බර හුස්මක් පිට කරල එයාගෙ කතාව පටන් ගත්තා..
"යීබෝ... ඔයා දන්නව මං මොකක් ගැන්ද අහන්නෙ කියල.. ඔයා මගේ යාලුව.. එයා මගෙ අයියා. ඔයාල දෙන්න හැරුනත් මං දන්නවා.."
"ශියී.. මං මෙ.. ඔයා..මො..කක්...
"ශ්.. ඇයි ගොත ගහන්නෙ? ඇයි යීබෝ ඔයාට තාම තේරෙන්නෙ නැද්ද මං මොකක් ගැනද කියන්න හදන්නෙ කියල..? හරි ඔයාට මං තේරුම් කරන්නම්කො.. ඔයා මෙන්න මේ කට හොඳට වහගෙන, කන් දෙක හොඳට ඇරගෙන අහන් ඉන්න.."
"හුම්ම්ම්ම්"
"යීබෝ මගේ අයියා මට පන වගේ.. ඒත් එයා මට යැංසි ඉස්සරහ අත ඉස්සුවා..උබ දන්නවා.. අයියා කවදාවත් මට අත උස්සල නෑ.. දන්නවද යීබෝ? අර යැංසි කියන උරචක්කල මාලෙ..එයා අපේ අයියව අල්ලන් ඉන්නෙ.. එයා අපේ අයියට ගැලපෙන්නෙ නෑ.. එයා හොඳ කෙනෙක් නෙවෙයි බං..අපේ අයියා කාගෙවත් හිත රිද්දන්න කැමති නෑ.. යැංසිගෙ කරදරේ නිසාමයි අයියා යැංසිට කැමති වුනේ.. ඒත් අයියා එයාට වරදක් කරේ නෑ.. හිත රිද්දලත් නෑ.. අයිය හිතුවෙ යාලු උනාට පස්සෙ යැංසි ගැන ආදරේ ඇති වෙයි කියල.. ඒත් මං දන්නවා.. අයියා එක හිතින් මවාගෙන විතරයි ඉන්නෙ.. ඒ යැංසිගෙ හිත රිදෙයි කියල.. ඒත් යැංසි ඉන්නෙ අයියගෙ සල්ලි වලටයි ලස්සනටයි . මගෙ අයියා.. එයා පව්... එයාට එයාගෙ හැඟීම් තේරුම් ගන්න බෑ.. එයා ඔයාව දැක්කට පස්සෙ ගොඩක් වෙනස් වුනා..ඒත් එයා එයාගෙ ම හිතට තහංචි දානවා.. යැංසි නිසා.. ඒත් අපි නවතින්න ඕන දැනෙන තැන්වල.. අනික ඔයා.. ඔයා කාගෙවත් ළඟ හිත හොල්ලපු කෙනෙක් නෙවෙයි.. මං ඔයාගෙ ඇස්වල අයිය තිබුනු ආදරේ දැක්ක යීබො.. අපේ අම්මට ඕන අයියගෙ කසාදෙ කරන්න නෙවෙයි.. එයාට ඕන මාව ඉකමනට බන්දල දෙන්න.. මං දන්නෑ ඇයි කියල..අපෙ අම්ම අයියගෙ කැමැත්තට ඉඩ දෙනවා.. ඒ නිසා ඔයා ඒ ගැන බය වෙන්නෙපා.. මගේ අර ගොං අයියා ඔයාගෙ විතරයි.. හුම්ම්ම්... මං දන්නව යැංසිව පාරෙන් අයින් කරන විදිය. හොඳින් බැරි නම් මගේ විදියෙන් අයින් කරන්නම්කො.. ඔයා අපෙහා නවතින්න එන්න.. අයියා ඉන්නවනෙ.."
أنت تقرأ
Do you love me(yizhan ongoing ff)
أدب الهواةජීවිතයක් ජිවත් කරවන්න ආදරය ඕන තමයි.. ඒ වගේම මේ ආදරේ නිසා ම මිනිස්සු පිස්සො, සයිකොකාරයො, මිනීමරුවො, අපරාදකාරයො වෙනවා.. ඉතිං අහිංසක හිත් කිසිම තෙතමනයක් නැති හිත් බවට පත් කරන්න මේ ආදරේට පුලුවන්.. මොන බාදකේ ආවත් අල්ලගත්තු අත අතාරින්නැති එක තමයි අවංක ආදර...