පසුදින හැමෝට ම නිවාඩු දිනයක් නිසා කට්ටියම පුංචි picninc එකක් යන්න ලෑස්ති වුනා.. ශාන්ට නම් තාමත් වෙන දේවල් විශ්වාස කරන්න බෑ.. එයාගෙ මායාකාර ඇස් දෙකත් එයාට ආදරෙයි කියල ශාන්ට හිතාගන්නවත් බැරි වුනා.. කොහොමත් දෙන්නට දෙන්න තමන්ගෙ වැඩ කරගෙන එකම ගෙදර කාමර දෙකක හිටියා.. මූනවත් බැලුවෙ නෑ දෙන්නගෙ.. ඒ තරහකට නෙවෙයි. ඒ ඇස් එකට හම්බුනාම හදවත නටන නාඩගම පාලනය කරගන්න බැරි නිසා.. ශියී නම් මේ දිහා බලන් හිටියෙ හිත යටින් රබන් ගහන ගමන්.. 🥁🥁...
කට්ටිය ලෑස්ති වෙලා යන්න හද්දද්දි ම යැංසි එක පාරට ම ගෙදරට ආවා.. ශියී තරහෙන් යැංසි දිහා බලන් ඉද්දි, ශාන් පුදුමයෙනුත්, යීබෝ දුකිනුත් යැංසි දිහා බලන් හිටියා..
"ගුඩ් මෝනිං බේබි..."
යැංසි දුවගෙන ඇවිත් ශාන්ගෙ අතේ එල්ලුනා..
ශාන්ට ඉබේට ම බැලුනෙ යිබෝ දිහා ..."තමුසෙ ඇයි මෙහේ?"
"ශියී... ඇයි ඔයා කොයි වෙලෙත් මාත් එක්ක තරහ ගන්නෙ?"
"අහ්.. බබාද?? දන්නෙ නැද්ද ඇයි කියල?"
"ආහ් මෙන්න ඔයාගෙ bf ඇවිත්..."
යැංසි යීබෝ දිහා බලන ගමන් කිව්වා..
" එයා ශියීගෙ bf නෙවෙයි.."
කේන්තිය පිරුනු හඬකින් කියද්දි ශියී බැලුවෙ ඒ කටහඬ ඇහුනු දිහා.. ඒ වෙන කවුරුවත් නෙවෙයි.. චෙං.. චෙංගෙ මූන දැක්කම ශියීට හිතුනෙ මූට මේ මොන යකෙක් වැහිලද කියල... ඒ මූන දැක්ක ම හිනා ගියත් ආයෙ ඉස්සරහ බලද්දි ශියීගේ කේන්තිය වැඩි වුනා.. යැංසි දැක්ක ම මේ තරම් තරහ යන්නෙ ඇයි කියල ශියීටවත් හිතාගන්න බෑ..
" මගේ අයියගෙන් ඈත් වෙල ඉන්නවා..මේ අන්තිම වතාව "
"ශියී ඔයා කොහොමද එහෙම කියන්නෙ?" මේ මගේ boy friend"
ශියීට එයාගෙ කේන්තිය පාලනය කරගන්න බැරි වුනා.. ශියීට තේරුනෙ එයාගෙ ඇඟ ඇතුලෙන් පිච්චෙනව වගේ.."ඔහේට මං......"
කියල ශියී යැංසි ළඟට යන්න හදද්දි ම යීබෝ ශියීගෙ අතින් අල්ලගත්තෙ ශියීගෙ තරම දන්න නිසයි.. යීබෝ ශියීගෙ අත අල්ලගන්නවත් එක්ක ම ශියී යීබෝ දිහාවට හැරුනා.. ඒත් ශියීගෙ ඇස් දෙක දැකපු යීබෝ ගැස්සුනා..
" ශි....යී.... ඔ...යා... ඔය... ඇ..."
VOCÊ ESTÁ LENDO
Do you love me(yizhan ongoing ff)
Fanficජීවිතයක් ජිවත් කරවන්න ආදරය ඕන තමයි.. ඒ වගේම මේ ආදරේ නිසා ම මිනිස්සු පිස්සො, සයිකොකාරයො, මිනීමරුවො, අපරාදකාරයො වෙනවා.. ඉතිං අහිංසක හිත් කිසිම තෙතමනයක් නැති හිත් බවට පත් කරන්න මේ ආදරේට පුලුවන්.. මොන බාදකේ ආවත් අල්ලගත්තු අත අතාරින්නැති එක තමයි අවංක ආදර...