Chapter 8

68 20 0
                                    

Tae's pov ,

' හ්‍යුන්ග් , ඉක්මන් කරන්න . ජින් හ්‍යුන්ග් බලාගෙන ඉන්නවා ඇති. '

' හරි ටේ. '

අපි අද වැකේෂන් එකට ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙන්නේ . ජූන් හ්‍යුන්ග් , මම එතකොට ජින් හ්‍යුන්ග් තව බටු ඇටෙත් ඉන්නවා. ජින් හ්‍යුන්ගේ ආන්ටිගේ ගෙදර යන්නේ . ජින් හ්‍යුන්ග් මටයි ජූන් හ්‍යුන්ග්ටයිත් එන්න කිව්වා . මට වෙලාවකට හිතෙනවා මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ හොඳම දවස් කියලා . මගේ ඔම්මායි අප්පායි නැති වුණත් ඔම්මා වගේ ජින් හ්‍යුන්ග් ඉන්නවා . අප්පා වගේ ජූන් හ්‍යුන්ග් ඉන්නවා . ජින් හ්‍යුන්ගේ ඔම්මයි අප්පයි දෙන්නත් ගොඩක් හොදයි . බටු ඇටේට නම් ඔම්මා විතරයි ඉන්නේ . ජූන් හ්‍යුන්ගේ පවුලේ අයත් මට සලකන්නේ එයාලාගෙම පුතෙක්ට වගේ . ජීවිතේ හොඳම දේවල් හම්බ වෙන්නේ පස්සට කියනවානේ . මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ හොඳම දවස් .

At Jin's house -

' එහෙනම් පුතාලා පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න . '

' හරි ඔම්මා . '

' මම ඩ්‍රයිව් කරන්නම් . '

' එපා හ්‍යුන්ග් . මම හිතන්නේ ජින් හ්‍යුන්ග් ඒක කරානම් හොඳයි . '

' අර මොකද ටේ ? '

' කියන්න බෑනේ ජින් හ්‍යුන්ග් . ජූන් හ්‍යුන්ගේ පවර්ස් ගැන ෂුවර් නෑ . Steering wheel එක ගැන වුණත් අදහස අතාරින්න වෙනෝ . අපිට ජින් හ්‍යුන්ගේ අප්පාගෙන් හොඳටම ගුටි කන්න තමයි වෙන්නේ . '

' ටේ , දැන් ඔයත් හොඳ ගාණකට හැදීගෙන එන්නේ . '

' මොනවා වුනත් ටේටේ කියපු කතාව ඇත්ත . මම ඩ්‍රයිව් කරන්නම් . '

' හ්‍යුන්ග් , අපිට කොච්චර දුර යන්න තියෙනවා ද ? '

' හරියටම 36km තියෙනවා ටේටේ . එහෙ තව ඔයාලා දෙන්නා වගේම දෙන්නෙකුත් ඉන්නවා . '

' ඒ කවුද හ්‍යුන්ග් ? '

' ගිහිල්ලම බලන්න. '

.

.

.

.

.

.

.

.

' හ්‍යුන්ග් , අයිස්ක්‍රීම් '

TOGETHER FOR A DAY | VMIN SOULMATE Hikayelerin yaşadığı yer. Şimdi keşfedin