part 9

2.6K 478 36
                                    

ජන්කුක් පලවෙනී පාර හදපු පෑන් කේක් එකෙන් පස්සේ ජන්කුක් දිගටම ටේට කෑම වේල් තුන ටේගේ ගෙදරටම ගිහින් දෙන්න පුරුදු උනා.......

ඒ වගේම ජන්කුක් හරිම ආසාවෙන් ඔම්මාට කියලා හුඟාක් කෑම ජාති හදන හැටිත් ඉගෙන ගත්තා....

ටේට ගිහින් දෙන හැම කෑම පෙට්ටියකම වගේ ජන්කුක් පොඩි චිට් කෑල්ලක් අමුනලා තිබ්බා...

ඒ චිට් එකේ මොනාම හරි ලියලා ඒකේ අන්තිම පේලියේ ආදරේයි කියලා ලියන්නත් එයා අමතක කරලා තිබ්බෙ නැහැ.....

කෑම එකත් එක්ක දෙන පොඩි චිට් එකට අමතරව ජන්කුක් ලොකු කොල වල ලස්සනට හැඩ දලා ටේට ලියුම් ලියන්නත් පටන් ගත්තා....

ඉතිං ඒ ලියන ලියුම් ලස්සන කවරේකට දලා ජන්කුක් හැමදාම උදේට කොලේජ් යන්න කලින් ටේගේ ලියුම් පෙට්ටියට දාලා තමයි එයා කොලේජ් එකට යන්න පිටත් වෙන්නෙ.....

එත් ඒ ලියුම් හැමදාම බලලා කියවන ටේ කිසිම හැඟීම්ක් නැතුව ලියුමේ හරි වැරදි රතු පෑනකින් මාර්ක් කරලා ජන්කුක් ගෙදරට ආපු වේලාවක ආයේ ජන්කුක්ටම දෙනවා....

හැබැයි ජන්කුක් ඒ කිසිම දෙයකින් සැලුනේ නැහැ....

එයා දිඟටම උත්සාහ කරා ටේගේ ආඩම්බරකාර මුරණ්ඩු හිත වෙනස් කරන්න....

_____________________🍁🍁🍁

එදා ජන්කුක්ට නිවාඩු දවසක්....

උදේ වැඩට ගිය ටේ එනකන් සැරෙන් සැරේ ඔරලොසුව බැලුව ජන්කුක් ටේ එනකන් පැය ගානක් තිස්සේ ඉදන් බලන් ඉන්නේ.....

හවස හයයි කියලා ඔරලොසුවේ පෙන්නුවාම එයා පැයකට විතර ඉස්සෙල්ලා හදපු කෑම එකත් පෙට්ටියකට දලා ටේගේ ගෙදරට ගියා.....

ටේ ඒ වේලාවේ ගෙදර ඇවිත් හිටියේ...

ගෙදරට ආපු ගමන් මහන්සිය යන්නත් එක්ක ටේ කෙලින්ම ගියේ wash එකක් දා ගන්න....

පැය භාගයක් විතර වතුරේ හිටපු ටේ එලියට ඇවිත් ඇඳුමක් දාගෙන කන්නාඩි මේසේ ඉස්සරහ හිට ගත්තෙ එයාගේ කොන්ඩේ පිරලා ගාන්න තියෙන ක්‍රිම් ටික මුනේ ගා ගන්න කියලා හිතන්...

පනාව අතට අරන් හිමින් කොන්ඩේ පීර පීර හිටිය ටේගේ අවදානේ එක පාර බිදිලා ගියේ වෙනදා වේලාවටම ජන්කුක් කාමරේ ඉස්සරහ හිටන් හිටිය නිසා....

ටක් ටක්...කවුද ආවේ ?  ( Completed ✅)Where stories live. Discover now