Jin

1.2K 359 178
                                    

Jin's POV

මම දැන් දවස් ගානක ඉදන් අලුත් මිශන් එකක් කරනවා. ඒ අපේ අනිත් අයට හොරෙන් කම්පියුටර් මැශින් එක හරි ලැප්ටොප් එක හරි පාවිච්චි කරන එක. ඒත් මගේ මිශන් එක හැමදාම වගේ අවධානමේ යන්නේ දොරටවත් තට්ටු කරන්නේ නැතුව මගේ රූම් එකට එන්න පුරුදු වෙලා ඉන්න ජන්ග්කුක්, ටේහ්යුන්ග් වගේ අය හන්දා.

අද ජන්ග්කුක්ට ෆොටෝ ශූට් එකක් තියන හන්දා එයාගෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි. එතකොට ටේහ්යුන්ග්  මම මගේ රූම් එකට එන්න කලින් ටේහ්යුන්ග් ගේ රූම් එකට ගිහින් බැලුවා එයා මොකද කරන්නේ කියලා. එයත් නිදාගෙන ඉන්න හන්දා මට තේරුනා දැන් තමයි හොදම වෙලාව කියලා.

මොකටද?

~මගේ ඔන්ලයින් සවාරිය යන්න....

මම ෆෑන් අකවුන්ට්ස් හදාගෙන ආර්මිලා කතා කරන දේවල් හොරෙන් හොරෙන් බලාගෙන ඉන්නවා. එයාලා අපිට රෙස්පෙක්ට් කරන හැටි, එයා අපි හන්දා රණ්ඩු වෙන හැටි, එයාලා එක එක ප්‍රජෙක්ට්ස් කරන හැටි .... ඔය ඔක්කොම මම ෆෑන් අකවුන්ට් එකකින් හොරෙන් බල බල හිටියා.

මට ඕක අනිත් අයට කියන්න ලැජ්ජා හිතුන හන්දා මම හැමවෙලේම අනිත් අයට හොරෙන් මේ දේවල් කරන්න පරිස්සම් උනා. මම දැනන් හිටියේ නෑ මොනවද කරන්නේ කියලා මුලින්. ඇත්තම කියනවා නම් මේක පටන් ගත්තේ මෙහෙමයි.

මට ජන්ග්කුක්ගේ බර්ත්ඩේ එක අමතක උනා. මට හැමදාම ඕනේ උනේ හැමෝටම  කලින් බෑන්ඩ් එකේ හය දෙනාටම විශ් කරන්න. ඒ හන්දා මම ජන්ග්කුක්ගේ බර්ත් මන්ත් එක ආව කියලා දැනුන ගමන්ම ගූග්ල් කරා එයාගේ බර්ත්ඩේ එක. ගූග්ල් එකෙන් බර්ත්ඩේ එක පෙන්නුවට මගේ ඇස් ගියේ ඊට පහල තියන වෙන වෙන වෙබ්සයිට් වලට.

ඒ වෙබ්සයිට් වල තිබ්බේ අපි කවදාවත් එලියට දෙන්නේ නැති අපේ විස්තර. අපේ පවුල් වල අය ගැන. අපේ ගෙවල් තියන තැන්. අපේ වත්කම්.අපේ වාහන.... ඒ වගේ දේවල්.....

මගේ අප්පා සැම්සන්ග් කම්පනි එකේ සී.ඊ.ඕ කෙනෙක්ලු. මමවත් දන්නේ නැතුව අප්පා සැම්ස්න්ග් කම්පනි එකත් එක්ක තියන සම්බන්දේ මොකක්ද කියලා අහන්න මම අප්පාට කෝල් එකක් ගත්තා.  ඒත් ඒක 3 වෙනි පාර රින්ග් වෙනකොට කට් උන විදිහෙන් මට තේරුනා අප්පා ඉන්නේ මීටින් එකක කියලා. ඊලගට මම හ්යුන්ග්ට ගත්තේ හ්යුන්ග් අප්පගේ බිස්නස් ගැන දන්න හන්දා.

Behind the Story  |  BTS  |  CompletedHikayelerin yaşadığı yer. Şimdi keşfedin