- 05 -

1K 255 2
                                    

ඒත් එයා දැනෙන්න ඇරියා නිහඬවම එයාගේ කේන්තිය , වේදනාව.
අපිට වෙන් වෙනවනම් ඒකට ලොකු බාධාවක් තිබුණෙත් නෑ. ඒත් එයා එහෙම තීරණේකට ගියෙත් නෑ.

එයා එක පාරටම මහ පුදුම වැඩක් කළා.

අඩුපාඩුවක් නොකළත් මගෙන් තරමක් දුරස් වෙලා වගේ උන්නු ජිමින් ආයෙමත් ටික දවසක් මට කිසිම වෙනසක් නොපෙන්වා හොඳට ගෙදර වැඩ ටිකත් කරලා මට රසට උයලා කරලා වෙනදා වගේම හිටියා.

ඇත්තටම කිව්වොත් වෙනදටත් වඩා හොඳට හිටියා. මට පුදුමත් හිතුණා. 

මගෙ ඔලුව නරක් වේගෙන එනවා වත් ද කියලයි මට හිතුණේ. මොකද වෙන කෙනෙක් උනා නම් රණ්ඩු වෙලානේ මෙලහකට. ඒත් ජිමින් කිසි දෙයක් නොවුණා වගේ සාමාන්‍ය විදිහට හැසිරෙනවා.

****

Marriage Life || Jikook || Short Story ✔️Where stories live. Discover now