මම නැගිටලා අතත් හෝදගෙන බැල්කනියට හියේ සිගරට් එකක් පත්තු කරගන්න. හවස ටවුන් එකෙන් ගෙනාව බියර් එක ඇඟේ තිබුණනම් කියලා හිතුණේ ජිමින් කියපු කතාව ආයෙ ආයෙ හිතේ රැව් පිළිරැව් දෙද්දි.
ජිමින් කිචන් එක අස්පස් කරලා ජනෙල් වහලා පහළ තට්ටුවේ ලයිට්ස් ඕෆ් කරලා අපේ රූම් එකට එනකොට මම මගේ තුන් වෙනි සිගරට් එකත් පත්තු කරගෙන බැල්කනි එකේ හිටියේ.
සිගරට් වලට ජිමින් එකහෙලාම විරුද්ධයි.එයා නිසාම මගේ නිතර නිතර තිබුණු සිගරට් පාවිච්චිය ගොඩක් දුරකට අඩු වෙලා කලාතුරකින් දවසක් දක්වාම අඩු වෙලා ගියා. ආයෙමත් සිගරට් එකක් වුවමනාවක් දැණුනෙ සති කිහිපයක් තිස්සේ හිතට දැණුනු නොසන්සුන් කම නිසා.
****
YOU ARE READING
Marriage Life || Jikook || Short Story ✔️
Fanfictionඅතැඟිලි පැටලුණු ආදරයක්... Start Date :- 07/ 11/ 2021 End Date :- 07/ 11/ 2021