මම කාර් එක එළියෙන් නවත්තලා සද්දයක් නොනැගෙන්න ගේට් එක ඇරගෙන ඇතුළු උනේ ජිමින්ව පුදුම කරන්න හිතාගෙන. ගෙදර දොර වහලා තිබ්බේ. මම මගේ ගාව තිබ්බ කී එකෙන් දොර ඇරගෙන ඇතුළට යද්දි මගේ සපත්තුවට මොකක් හරි පෑගෙනවා දැණුනා.
මට පෑගුණේ යතුරක්. කවුරුහරි දොර වහලා තියෙද්දි දොර යටින් යතුරක් ඇතුළු කරලා. ඒත් එහෙම කරන්න කාටද වුවමනාවක් තියෙන්නෙ. මේ ගෙදර මම ඇරුණු කොට ඉන්නේ ජිමින් විතරයි.
මම පහත් වෙලා යතුර අතට ගත්තා. බය, දුක, වේදනාව, පරාජිත බව කැටි වුණු ලෝකයේ අසරණම හැඟීම මට එවෙලෙ දැණුනා.
ඒ තිබුණේ ජිමින් ළඟ තිබුණු ගෙදර අනිත් යතුර.
****
YOU ARE READING
Marriage Life || Jikook || Short Story ✔️
Fanfictionඅතැඟිලි පැටලුණු ආදරයක්... Start Date :- 07/ 11/ 2021 End Date :- 07/ 11/ 2021