පූස් පැටියෙක් වගේ මගේ පපුවට තුරුල් වෙලා උන්නු ජිමින් එකපාරම ඇහැරිලා ඇද ළඟ තිබුණු නයිට් ලෑම්ප් එක දැම්මා.
ජිමින් අද වෙනතුරුත් ජීයුන් ගැන කිසිම දෙයක් මගෙන් සෘජුවම අහලා නෑ.
ජීයුන් ගැන නෑහුවට එයා එදා රෑ මගෙන් එකම එක ප්‍රශ්නයක් ඇහුවා." ජන්කුක් ඔයාට මගෙන් සිද්ධ වෙච්ච අඩුව මොකක්ද ? මගෙන් වරදක් උනා නම් කරුණාකරලා මට ඒ ගැන කියන්න. "
නොසිතුව මොහොතක ජිමින් ඇහුව ප්‍රශ්නෙන් මම නිරුත්තර උනා. මට කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ.
" ඔයාගෙන් මට වරදක් උනේ නෑ ජිමින්. මට සමාවෙන්න " කියලා කියන්න වුවමනා උනත් මගේ කටින් එක වචනයක් පිට වුණේ නැහැ.
" ජන්කුක් මම ඔයාට ආදරෙයි. මං ඔයාගේ නිදහසට වගේම කැමැත්තටත් ගරු කරනවා. මට කියන්න ඕනි උනේ මං ඔයාට ආදරෙයි කියලා විතරයි. මට ඔයා නැතුව ජීවත් වෙන එක අමාරු වේවි. ඒත් ඔයාගෙ සතුට අහුරන්න මට වුවමනා නෑ. ඔයා දැන් නිදහස් "
එහෙම කියපු ජිමින් ඇඳෙන් නැගිටලා ගියා. ජිමින් ඉස්සරහ මං පුංචිම පුංචි මිනිහෙක් විතරක් බව එවෙලේ මට දැණුනා.
මගේ ආත්මාර්ථකාමී හැසිරීම ගැන මට ලැජ්ජ හිතුනා.
****
ESTÁS LEYENDO
Marriage Life || Jikook || Short Story ✔️
Fanficඅතැඟිලි පැටලුණු ආදරයක්... Start Date :- 07/ 11/ 2021 End Date :- 07/ 11/ 2021