මටත් තිබුණා ප්‍රේමයක්...!! ඒ කතාව..ඒක කියවපු වෙලාවෙ ඉදන් මගෙ හිතම හරි කලබලයි...මොනාද මේ මට වෙලා තියෙන්නෙ.., මතක වලට මන් හරි ලෝභයි...ඒ ඇස්,..එයාගෙ හිනාව...මන් ආදරෙයි...ඒත්..ඇයි මන් මේ දේවල් හිතන්නෙ...
"ඔයා මගෙන් එයාව හොයන්න එපා..ඇයි මාව අසරණ කරන්නෙ? මන් ඔයාට ආදරෙයි දුල්යා...ඒත් මට එයා වෙන්න බෑ..මන් එයා නෙවෙයි..මේ මට ආවේණික ආදරේ..ඔය තරමට රිද්දපු මිනිහවම ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඇයි?" මගෙ උරහිස් වලින් කිටිකිටියෙ හිරවෙන්න අල්ලගෙන මගෙ ඇස්වලට එබීගෙන සඳරු අයියා ඇහුවෙ මගෙ මුළු හිතම වරදකාරී හැඟීමකින් පිරිලා යද්දි...හදවතේ රිදෙනම තැනට එයා සියුම්ව පහරදුන්නට ඒක මට හෙණ පාරක්...ඇත්තටම ඇයි...මන් එයාව හොයන්නෙ? මගෙම හිතින් ඇහුවත් ඒකට උත්තරයක් දෙන්න මට ඕන උනේ නෑ..ඔය ප්‍රශ්නෙ මන් හැමදාම මගෙන්ම මගෑරියා...
ඇත්තටම හරිනම් දැන් මන් හිතන්න ඕන..සඳරු අයියා ගැන...මගෙ හිතේ ඉන්න ඕන එයා විතරයි...ඒත්,
"දුල්යා...මන් ඔයාගෙන් අහන්නෙ? ඇයි මැණික ඔයාට මගෙ ආදරේ දැනෙන් නැත්තෙ?බලන්න මන් දිහා." තවදුරටත් මගෙ ඇස්වලට එබීගෙනම ඇහුවත් මන් බිම බලාගෙන හිටියෙ ඇස් දිහා බලලා තවත් එයාගෙ හිතට දුකක් එකතු කරන්න මට බැරි නිසා...
"දුල්යා..බලනවා මගෙ ඇස් දිහා...ඔයා මොන ලෝකෙද ඉන්නෙ?"
"සුදූ..ම්..මම.." මන් කියන්න යනවත් එක්කම...සඳරු අයියා තවත් මාව එයා ලගට ලංකරගත්තා...
මගෙ ඇස් අගින් කදුළු බිංදු වැටෙනවා දැනුනත් මට..නතර කරගන්න විදිහක් තිබුනෙ නෑ.එයා මුකුත් නොකියම මගෙ කදුළු පිහදාලා..එයාගෙ පපුවට තුරුල් කරගත්තා..හිත කියෙව්වා වගේ..එයා කලේ මට දැන් ඕනම වෙලා තිබුණුදේ..
මන් එයාට වරදක් කරනවදෝ කියලා හැඟීමක් හිතම වෙලා ගනිද්දි තද කරලා ඇස් පියාගත්තෙ හැලෙන කඳුලකට ඔහේ හැලෙන්න ඉඩ දීලා.
එයා පව්..මුලු අත් දෙකෙන්ම මාව පපුවට තුරුල් කරන්,.මන් කඳුලු ඉවර කරනකල් එක වචනයක් නොකියපු සඳරු අයියාව..මන් ආයුෂ් අයියා එක්ක හිතින් සන්සන්දනය කලා..එයාගෙ ආදරේ ඇතුලෙ මීටත් වඩා මොනවද ලැබුණෙ මට...හුඟවෙලාවක් ඒ විදිහටම මාව තුරුල් කරන් හිටපු සඳරු අයියා..මාව එයාගෙ පපුවෙන් මෑත් කරලා..ආපහු මන් දිහා බැලුවා...
"අඬලා ඉවරද සුදුනෝනා..ම්ම්ම්ම්.." එයා එහෙම කතාකරනකොට මන් ආසයි..ආදරේට මන් හරි ලෝභයි...එයා නම් හරිම සරලයි..හැමදේම ඉක්මනට අමතක කරයි...
ඒත්...මන්...මට එහෙම බෑ..
මට සඳරු අයියගෙ ඇස් දිහා බලන්න බයයි...මට බයයි..
YOU ARE READING
විරහවද ප්‍රේමයක්
Romanceප්‍රේමය අයිති කරගත් ඔහු හා... අයිතියක් නැතිවම ප්‍රේම කරන ඇයද... අයිතියට පමණක් ප්‍රේම කරන ඔහුද.. සමඟින්... ප්‍රථම ප්‍රේමයේ...නිම්හිම් සොයා...