අයියා මට ආදරේ වුණත් මගෙ හිතට හරි නෑ...ආදරේ නොවුණත් හිතට හරි නෑ...මගෙ හිත ගැන මන් බය වුණා. බැරිවෙලාවත් අයියා මට ආදරේ කළොත් අපි කරන්නෙ ලොකු වරදක් බවත් මන් දැනගෙන හිටියා.
ආදරේ කියන්නෙ උමතුවක්!!!
ඒ දවස්වල නත්තලට පල්ලියට ගියාම...පූජාව වෙලාවෙදි හැමදෙනාටම විශ් කරනවනෙ. මන් හැමදාම ආයු අයියට විශ් කරන්නෙ අන්තිමට. හැමෝටම විශ් කරලා ඉවර වෙලා..අයියට විශ් කරලා හග් කරනවා...මට ඒ පුංචි මොහොතට දැනුණු උණුහුම කියාගන්න බෑ. ආයු අයියගෙ උණුහුමට එක මොහොතකට ළංවෙන්න මන් අවුරුද්දක්ම බලන් ඉන්න ඕන. ඒත් අයියා ඒ දවසටත් මාව හග් කරන්නෙ ඕනවට එපාවට.
ඒකපාර්ශ්වික ප්‍රේමයෙදි මොන දෙයක් වුණත් ආදරණීයවයි දැනෙන්නෙ. ඒක ආදරණීය දෙයක් නොවුණා වුණත්...
ආච්චිගෙ මළගෙදර දවස්වල මන් ආයු අයියට ඕමි ගහන්න ඉගැන්නුවා. අයියා මට කියන්නෙ ඕමි ගුරා කියලා. ඉතින්, ඒ දවස්වල මන් ආයු අයියලගෙ ගෙදරට එහෙම ගියාම...ආයු අයියගෙ යාලුවො දෙන්නෙකුත් එක්ක අපි ඕමි ගහනවා. අයියායි,මායි හැම වෙලාවකම එක පිලක. එක දවසක් මට මතකයි ඕෂි අයියා මාව එයාගෙ පිලට ගන්න හැදුවා...
මට අද වගේ මතකයි...අයියා ඔරවපු එරවිල්ල...."එයා මගේ" කියලා අයියා කිව්වා....මන් එයාගෙද එතකොට?
මටත් ඉතින් අයියා මොනා කිව්වත් හරිනෙ...අයියා වචනයක් කිව්ව ගමන්...මන් බබාලව මොන්ටිසෝරි යවලත් ඉවරයි...
අයියා හැමදාකම මාව එයාගෙ ළගින් තියාගන්න උත්සහ කළා. කා එක්කවත් බෙදාගන්න කැමති වුණේ නෑ...
හශාන් මල්ලිටවත්,අයියගෙ චූටි නංගිටවත් අයියාගෙ කාමරේට යන්නවත්...පර්ස් එක,ෆෝන් එක අල්ලන්නවත් ඉඩ දුන්නෙ නෑ එයා. ඒත් හිතාගන්න බැරි විදිහට අයියා මට තමයි හැමදෙයකම අයිතිය දුන්නෙ....මන් ළගපාතක ඉන්න දවසට ආයු අයියා බත් කවාගත්තෙත් මට කියලා....හිතාගන්න බැරිතරමට,කියාගන්න බැරිතරමට මන් අයියට බැඳිලා හිටියත්....දන්නෙ නෑ මන් අයියත් එහෙමද කියලා...
අපේ ජීවිත වලට අලුත් අය ආවා..අලුත් බැඳීම් ඇති වුණා...ඒත් අයියගෙයි,මගෙයි බැඳීම ඒ විදිහටම තිබුණා...අයියා සමහර දවස්වලට කේන්ති ගිහින් මා එක්ක කතා නොකර හිටියා...මාස ගණන් කතා නොකර හිටියා...හ්ම්...!!! මම ඉවසගෙන හිටියා...!
YOU ARE READING
විරහවද ප්‍රේමයක්
Romanceප්‍රේමය අයිති කරගත් ඔහු හා... අයිතියක් නැතිවම ප්‍රේම කරන ඇයද... අයිතියට පමණක් ප්‍රේම කරන ඔහුද.. සමඟින්... ප්‍රථම ප්‍රේමයේ...නිම්හිම් සොයා...