මගෙ පළවෙනි ආදරේ වුණේ ආයු අයියා...ආච්චිගෙ මළගෙදර දවස්වල අපි සුදුමම්මලාගෙ ගෙදර නැවතිලා හිටියෙ...
පොඩි ළමයි හැමෝම එකතුවෙලා සෙල්ලම් කරන එක තමයි වැඩිහරියක් කළේ..අපිට ඉතින් ආච්චි මැරුණා කියලා ලොකු බරක්පතලක් තිබුණෙ නෑ. අපි ඉතින් ඇත්තටම හැමෝටම එකතු වෙලා සෙල්ලම් කරන්න පුලුවන් එක ගැන පුදුම සතුටකින් හිටියෙ...
නිකී අක්කයි, ජූඩි අක්කයි,සිඟිති අක්කයි,ආයු අයියයි, භානු අයියයි, චානු මල්ලියි, හශානුයි තමයි අපේ හිටපු පොඩි සෙට් එක...
ගෑණු ළමයින්ගෙන් පොඩිම ළමයා මම නිසා භානු අයියයි,චානු මල්ලියි එකතුවෙලා හැමවෙලේම මට එක එක නම් කිය කියා විහිළු කළා. මට කේන්ති යනවා හරියට...මාව හොඳට අවුස්සන්න පුළුවන් නිසා එයාලගෙ වැඩේ මාව විහිළුවට ගන්න එකමයි. වෙලාවකට මන් අඬනවා..ඒ හැම වෙලාවකම ආයු අයියා තමයි මන් වෙනුවෙන් වචනයක් හරි කතා කළේ...,ඒත් මන් ආයු අයියා එක්ක වචනයක්වත් කතා කළේ නෑ කොයි වෙලාවකවත්.
ආච්චිගෙ මළගෙදර දානෙ දවසටත් පස්සෙ දවසක...ළමයි ටික එකතුවෙලා රෑ වෙනකල් කාඩ් සෙල්ලම් කර කර හිටියා. ටික් ටැක් ගේම් එක ප්ලේ කරන බෝඩ් එකකුත් තිබුණා. අන්තිමට ආයු අයියයි,මමයි තමයි ඒ ගේම් එක ප්ලේ කරන්න ඉතිරි වුණේ. එදා තමයි අයියයි,මායි පළවෙනිම වතාවට හුඟක් කතා කළේ.....
ඒ දවස තමයි අයියෙ...මගෙ පොඩි හිත ඔයා ගාව නතර කළේ...ඔයා හරිම ආදරණීය අයියා කෙනෙක් මට. මන් වෙනුවෙන් කතා කළා. මාව කොන් කළේ නෑ කිසිම වෙලාවක. අනික් අය වගේ...මන් දැනගෙන හිටියෙ නෑ..පුංචි දවස්වල ඔයා වෙනුවෙන් හිතේ ඉපදුණු හැඟීම මාව මෙච්චර දුරකට අරගෙන යයි කියලා......
----------------------------------------------කොච්චර ලස්සන වුණත් මන් ජීවත් වෙන්න ඕන වර්ථමානෙ මිසක් අතීතෙ නෙවෙයි..ආශු එක්ක මන් හුඟක් දේවල් කතා කළා. ඊටපස්සෙ අපි පන්සලෙන් පිටත් වෙලා පයින්ම ආවා ගෙවල් වලට. මමත් එහෙම්ම අපේ ගෙදරට ආවා.
හවස් වරුවම ගත කළේ එක එක කල්පනාවන් එක්කලා...මන් කල්පනා කළා මොකක්ද දැන් මට කරන්න පුලුවන් හොඳම දේ කියලා...මගෙ ඔළුවෙ නිදහස් තැනක් තිබුණෙ නෑ...තාත්තා දැනටත් අම්මගෙ සල්ලි හොරෙන් අරගෙන හරි බොනවා. රණ්ඩු කරනවා. අම්මට වැඩට යන්න වෙලා. අම්මා දැන් වයසයි. මහන්සි වෙන්න පුළුවන් තත්වෙක නෑ. මන් ඒලෙවල් කරනවා තවම. මට ජොබ් එකකට යන්න විදිහක් නෑ මේක ඉවර වෙනකල්...ඒ අතරෙ මේ ප්‍රශ්නෙත් මාව තව තවත් හිර කරනවා.
YOU ARE READING
විරහවද ප්‍රේමයක්
Romanceප්‍රේමය අයිති කරගත් ඔහු හා... අයිතියක් නැතිවම ප්‍රේම කරන ඇයද... අයිතියට පමණක් ප්‍රේම කරන ඔහුද.. සමඟින්... ප්‍රථම ප්‍රේමයේ...නිම්හිම් සොයා...