නිහඬ සිතුවිලි

62 14 7
                                    

"බබා...මම...මන්....ආයෙ වධ දෙන්නෑ.....ආදරෙයි මගෙ බුට්ටො..."

"දුල්‍යා....දුල්‍යා...බබා...." මන් කතා කළා උනත් එයා ෆෝන් එක කට් කරලා...

කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව මන් මගෙ කෙස් වලින් ඇදගත්තා...
තවදුරටත් හිත හිතා හිටියෙ නෑ...වෙලාව දොළහට ළඟ උනත් මන් ඉක්මනින්ම ගෙයින් එළියට බැස්සා...

මන් දිගටම හැසිරුණේ පිස්සෙක් වගේ....මන් කරන්නෙ මොනාද කියලවත් මට තේරුණේ නෑ...
මන් ලොකු වරදක් කළා කියලා මන් හිතුවෙ නෑ..ඉතින් එයා මේ වගේ දෙයක් කරගනියි කියලා මන් නිකමටවත් හිතුවෙ නෑ..ඇයි එයා මේ වගේ දේවල් කරගන්නෙ...මාව ඇයි මෙහෙම බය කරන්නෙ දුල්‍යා...?

බයික් එකේ යනකොට දෙපාරක්ම මාව හැප්පෙන්න ගියා.... මට ඕන ඉක්මණින්ම දුල්‍යා ගාවට යන්න. මට ඇත්තටම කේන්තියි. මෙහෙම දේවල් කරගන්නවට...මට බනින්න හිතයි.

මට බයික් එකේ ගියපු මේ ටික දුර දැනුණෙ හරියට සෑහෙන ලොකු ගමනක් වගේ. මන් ඒ තරමටම බයෙන් හිටියෙ. නොඉවසිල්ලෙන්...මන් පරක්කු වෙන එක තප්පරයක් ගානෙම එයාගෙ ජීවිතේ අනතුරේ...යන ගමන්ම දෙතුන් වතාවක් අයියගෙ ෆෝන් එකටයි,අක්කගෙ,අම්මගෙ ෆෝන් වලට ට්‍රයි කළත් එකක්වත් වැඩ කළේ නෑ...

මට ජීවිතේ පළවෙනිම වතාවට මෙහෙම බයක් දැනෙන්නෙ....එයා මන් නිසා මෙහෙම දෙයක් කරගනියි කියලා හිතුවෙ නෑ මම...එයාට මුකුත් වෙනවට මන් බයයි. මන් වැරදිකාරයෙක් වෙන්නත් බයයි...

තවත් මොහොතක් යනකොට මන් දුල්‍යලගෙ ගේට් එක ගාවට ආවා. මන් දිගටම හෝන් කලා...ඒත් ගේට් එක අරින පාටක් නෑ...

මගෙ ඔළුව විකාරයි. මේ ප්‍රශ්න මගෙ ඔළුවට බර වැඩියි.

මන් තව මොහොතක් නොහිතම තාප්පෙන්  පැන්නා වත්තට. ගිහින් ඉස්සෙල්ලම ගෙදර බෙල් එක ගැහුවා..දොරට තට්ටු කලා...කෑගැහුවා නම කියලා.... ටිකක් වෙලා යනකල් කිසිවෙනසක් උනේ නෑ.ඒත් එක්කම අයියයි, අක්කයි සද්දෙ ඇහිලා දුවගෙන ආවා.

"මොකද ළමයො...මේ රෑ...මොකද මේ..?"
අයියා ඇහුවා උනත්...මන් තවදුරටත් හොඳින් හිටියෙ නෑ....

"අයියෙ දුල්‍යා...එයාව බලන්න...එයා කෝ...? එයාට මොනා හරි වෙයි අයියෙ...බලන්නකො...." මන් පුලුවන් විදිහට කියාගන්න උත්සහ කළා.මන් ගොත ගැහුවා...මන් හිතන්නෙ එයාලා තේරුම් ගන්න ඇති කොහොම හරි...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 03, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

විරහවද ප්‍රේමයක්Where stories live. Discover now