ජම්බු ගහ බදාගෙන ජම්බු කකා ඉන්නකොට ඒ වත්ත ඇතුළින් ගෑණු කෙනෙක්ගෙ කටහඬක් ඇහුණා..
"ඔය...කවිඳුලද???"
මොන කවිඳුලද!මායි ,ආශුයි පන කඩාගෙන දිව්වා...මොනා වුණත් අපි ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලොනෙ. ඒ ගෙදර නොපෙනෙන ගානටම දුවගෙන ඇවිත් අපි හති අරින්න ගත්තා.
"දුල්...මේ තව ජම්බු ගෙඩි පහක් විතර ඇදන් ආවා මන් දුවන් එන ගමන්...මිරිස්කුඩු,ලුණුකුඩු ටිකක් තිබ්බානම් පට්ට නේතෙ?"
අනේ අම්මපා..මුගෙ..තියෙන මල අපතකම.."ඒ ගේ ලඟට වෙලා තව ජම්බු කෑවානම් මිරිස්කුඩු,ලුණුකුඩු එක්කම කන්න තිබ්බා හොඳවයින්.එහෙනම් තවම කනවා.."
හිනාවෙවීම අපි අතුරුපාරෙ තව ඉස්සරහට ඇවිදගෙන ගියා.යනගමන් අපි කතා කර කර ආවෙ කවුද කවිඳුලා කියලා හොයාගන්න කලින් මැරෙන්න හොඳ නෑ කියලා.
හිතේ කොච්චර ලොකු වේදනාවක් තිබ්බත් යාලුවෙක්ට පුළුවන් ඒ හැමදේම එක මොහොතකට හරි අමතක කරලා දාන්න. යාලුකම කියන්නෙ බැඳීමක් නැති, නීති නැති,අයිතිවාසිකම් නැති හරිම ලස්සන හැඟීමක්...ඒකයි ඒක මේ තරමටම සුන්දර..
"මේ..දුල්...මොන පාරෙන්ද බන් යන්නෙ?"
අතුරුපාර දෙකට බෙදෙන තැනකට ඇවිත් මගෙන් ආශු ඇහුවම මගෙ දෙලෝ රත් වුණා. ඇයි යකොඩො මේ මැට්ටි පාර හරියට දන් නැතුවද මහ ලොකුවට පයින් යමු කියාගෙන ආවෙ."උබ පාර දන්නෑ කියලද ඔය කියන්නෙ?" ආශු දිහා රවලා බලන ගමන් මන් ඇහුවම..
"නෑ බන් මන් දන්නවා...මේ පාර වගෙත් මතකයි..මේක වගෙත් මතකයි හැබැයි.."
අනේ අම්මාපල්ල ඔය පේන්නෙ දන්න තරම..ඊටපස්සෙ අපි පාර අයිනෙ තිබුණු කඩයක හිටපු මනුස්සයෙක්ගෙන් ඇහුවා..ඊටපස්සෙ ඒ මනුස්සයා කිව්ව පාරෙ ටික දුරක් ගියාම අපිට තේරුණා ආපහු යන්නෙ ආපු පැත්තටමයි කියලා. දැන් තමයි තේරෙන්නෙ මං මුලාවූ සමනලයෙකුගෙන් පාර අසා තිබුණේ කියලා...ආපහු දෙයියනේ කියලා ඒ පාරෙම ආපස්සට ඇවිත් වැරදුණු තැනින් ආපහු පටන් ගත්තා අනික් පාරෙ යන්න.
ඔහොම ගාට ගාට අපි දෙන්නා සෑහෙන දුරක් ඇවිද්දා.
කතාවක් බහක් නැතුවම යන අතරෙදි ආශු ඇහුවා මගෙන්,"දුල්...හිතේ තියන් ඉන්න එපා..දැන්වත් කියනවද?" කියලා..
මම දන්නෙ නෑ..හරියටම මගෙ ප්‍රශ්නෙ මොකක්ද කියලවත්..ප්‍රශ්නෙ සඳරු අයියා දුකින් ඉන්න එකද? මන් එයාට වරදක් කරපු එකට මට දැනෙන පසුතැවීමද? සමහරවිට,එහෙමත් නැත්නම්...මන් ආපහු ආයු අයියගෙයි,මගෙයි අතීතෙ හිර වෙලා ඉන්න එකද?
ඒ හැඟීමත් එක්කම..මන් අවුරුදු කීපෙකින් ආපස්සට ගියා...,
********************
"සුදුනෝනා..මේ පාරේ ගියාම යන්න පුලුවන් නේද ක්ලාස් එක ගාවට...ලයිසන් නෑනෙ පොලීසියෙන් ඇල්ලුවොත් බඩු බනිස් තමයි"
ආයු අයියා මගෙන් ඇහුවට මන් දැනගෙන හිටියෙ නෑ ඒ පාරෙන් ගියාම යන්න පුලුවන්ද කියලා. මහ ලොකු පණ්ඩිතයා දන්නවා වගේ ආවා මෙතන. මම ආයු අයියට හිතින් බැණ බැණම,
"මන් දන්නෑ අයියා...ඔයා දන්නවා වගේනෙ මහ ලොකුවට ආවෙ.."
ටික දුරක් ගිහින් ටවුන් එක පැත්තට වැටෙන අතුරුපාරෙන් හරවලා යන්න ගත්තා. පුදුම වේගෙකින් යන්නෙ.
මෙහෙම වේගෙන් බයික් එකේ යනකොට මන් හරිම ආසයි. මට හරිම අමුතු නිදහස් හැඟීමක් දැනෙනවා..අපිට විරුද්ධ වෙන්න කවුරුත් නෑ වගේ...ඒත් ඒක හීනයක් විතරයි...මගෙ ආදරේ දන්නෙ මන් විතරයි...ආයු අයියෙ ඔයා දන්නෙ නෑ මගෙ ආදරේ...ඔයා දන්නවා වුණත්...ඔයා මට ආදරේ කරන එකක් නෑ අයියා කවදාවත්...ඒකපාර්ශ්වික ආදරේ පට්ට කියලා හැමෝම කිව්වත් ඒකෙ වේදනාව දැනෙන්නෙ ආදරේ කරන කෙනා ලගින්ම ඉඳලත් අයිති නැති බව දැනෙනකොටයි.
මගෙ හිත මහ හුඟක් දුර යන අතරෙදි වේදනාවටම මන් අයියගෙ උරහිස් වලින් හුඟක් තදින් අල්ලගත්තා.
"මොකෝ නංඟා...වැටෙයි කියලා බයද?"
අයියට දැනිලා ඒකත්...එයා මන් ගැන හුඟක් අවධානෙන් ඉන්නෙ..ආයු අයියෙ ඔයා මාව පිස්සු වට්ටනවා.
මන් කිසිදෙයක් නොකියා කටපියාගෙන හිටියා..අයියව ඒ විදිහටම අල්ලගෙන. අතුරුපාරෙන් ඇවිත් මහපාරට වැටෙන තැනම පොලීසියෙන් හිටියා. මට හිනා යන්නත් ආවා. අපිට වෙන්නෙම ඔය වගේ වැඩමයි.
YOU ARE READING
විරහවද ප්‍රේමයක්
Romanceප්රේමය අයිති කරගත් ඔහු හා... අයිතියක් නැතිවම ප්රේම කරන ඇයද... අයිතියට පමණක් ප්රේම කරන ඔහුද.. සමඟින්... ප්රථම ප්රේමයේ...නිම්හිම් සොයා...