මන් හිටියෙ මගෙම හිතළුවක ගිලිලා...
මට අදයි තේරුණේ...හැමදෙයකටම හේතුව...,
ගොඩක් ගැහැණු අය තමන්ගෙ පිටට වරද පටවගන්න පැකිලෙන්නෑ...! හරි සරලයිනෙ ඒකත්..හහ්!!
----------------------ආයෙත්....කෝල් එකක්..
"හෙලෝ බබා"
"මන් ගෙදර ආවා බබා...ඔයා කෑවද?"
"නෑ බබා තවම කෑවෙ නෑ.."
"මොකද ඔයාට හෙම්බිරිස්සාවද? කාලා පැනඩෝල් දෙකක් බීලා නිදාගන්න"
"හ්ම්ම්ම්...හොඳයි බබා.."
තව ටික වෙලාවක් තිස්සෙ ඒ විදිහටම එහාට මෙහාට සංවාදය ගලාගෙන ගියෙ...හා,හ්ම්,හරි දහසක් මැදින්...සඳරු අයියා අවසානෙට ඇමතුම විසන්ධි කලේ මට සෞඛ්යයාරාක්ෂිත ක්රමෝපායන් ගොඩාක් මතක් කරලා.
මන් ටිකකින් ආශුට කෝල් එකක් ගත්තා....
"හෙලෝ දුල්යා"
"හෙලෝ ආශු.."
"මොකද...මොකක්ද අවුල?"
"මට ටිකක් හෙම්බිරිස්සාව"
"ඉතින්..,එහෙනම් නාහෙන් අඬන්න ඕන නෑනෙ...මොකක්ද අවුල කියපන්..?"මන් එක වචනයක් කිව්ව ගමන් ආශු තේරුම් ගනියි...මන් ඉන්න තත්වෙ ගැන...ඒත් සඳරු අයියා...මට වෙලාවකට එයා එක්ක මන් ගෙවන ජීවිතේ ගැන බයයි...ගෙවන්න ඉන්න ජීවිතේ ගැනත් බයයි.
"දුල්යා...කතා කරපන්..."
මන් ගෙදරදි වුණු ප්‍රශ්නෙ ආශුට කිව්වා...
ආශු එක්කත් සෑහෙන වෙලාවක් කෝල් එකේ ඉඳලා...ඊටපස්සෙ මන් ආපහු පරණ සුපුරුදු කල්පනාවන්ට වැටුණා...මට ඕන වුණේ හිතන්න...ගොඩාක් හිතන්න...මන් අද ඉන්න තැන ගැන....මන් ගත්තු මෝඩ තීරණ....
සම්බන්දයක් තුළ තියෙන්න ඕන බැඳීම ගැන කිසිම අවබෝධයක් සඳරු අයියට තිබුණෙ නෑ...සම්බන්දයක් නොතිබුණත් ආයු අයියා හැම මොහොතකම මන් ගැන තේරුම් අරන් හිටියා. ඒත් එයාට තීරණයක් ගන්න තරම් හයියක් තිබුණෙ නෑ...
වැඩක් නෑ...කවුරුත් එකයි....
සමහර මොහොතවල් වලදි මන් හිතුවා..මේ හැමදෙයකටම වැරදි මමයි කියලා...එක්කො මට තිබුණා..ආයු අයියට ආදරේ නොකර ඉන්න...එහෙම වුණානම්...තවදුරටත් ආයු අයියා වැරදිකාරයෙක් වෙන්නෙ නෑ..මමයි හැමදේකටම මුල...
ඊළගට සඳරු අයියගෙ පරස්පර විරෝධී නීති සේරටම මන් අවනත වුණා නම්..., එයාගෙ හැඟීමක් නැති මූණ දිහාවෙ ඔහේ බලාගෙන ඉන්න මට පුලුවන් වුණානම්...මන් හොයන හීන අස්සෙ මගෙ හිත දුවන් නැතුව තිබුණානම්....මට පුලුවන් වුණානම්...සඳරු අයියාගෙ මේ හැසිරීම ආදරෙයි කියලා හිතන්න....ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කියලා මන් දැනගෙන නොහිටියානම්.....
YOU ARE READING
විරහවද ප්‍රේමයක්
Romansaප්‍රේමය අයිති කරගත් ඔහු හා... අයිතියක් නැතිවම ප්‍රේම කරන ඇයද... අයිතියට පමණක් ප්‍රේම කරන ඔහුද.. සමඟින්... ප්‍රථම ප්‍රේමයේ...නිම්හිම් සොයා...