ආදරේ කියන්නෙ ආයු අයියාටයි,මටයි තහනම් දෙයක්....තහනම් ආදරේකටයි මන් මේ තරම් බැඳිලා ඉන්නෙ....
මන් කොහොමද? මගෙ සුදුමම්මගෙ පුතාට ආදරේ කරන්නෙ?
මගෙ හිත කිව්වෙම අයියට ආදරෙයි කියන්න කියලා...ඒත් හැමදාම වගේ මන් හිනාවකින් ප්‍රශ්නෙ මගෑරලා මගෙ හැඟීම් හැංගුවා...
"මේ ඉබ්බිගෙ ලැජ්ජාව බලපල්ලකො...මන් බොරුවට කිව්වෙ..." අයියා ආපහු වතාවක් කිව්වෙ මන් ලැජ්ජාවට රතු වෙලා යද්දි....
ඇත්තටම මට ආයු අයියගෙ වෙන්න තිබුණානම්..........
*****************************************
"දුල්යා...., ඔයා මේකට කැමතිද?" මන් තිගැස්සිලා සිහියට ආවෙ සඳරු අයියගෙ හඬට..
ඇඳුමක් මගෙ දිහාවට කරලා කැමතිද කියලත් අහනවා බොරුවට..මන් දන්නවනෙ කෙනාගෙ හැටි...
සඳරු අයියා කවදාවත් මගෙ ඇත්තම කැමැත්ත ගැන තැකීමක් කළේ නෑ...එයා දෙයක් තෝරලා ඒක හොඳද කියලා අහලා..මන් ඒකට අකමැතී කිව්වොත්....,
මන් එයා කියන දේ අහන්නෙ නෑ...එකට එක කියනවා...එයා කියන දේට පිටින් යනවා කියලා මට බනිනවා...
මන් කැමති දෙයක් තෝරගත්තොත් ලෝකෙ නැති හේතු දාහක් කියලා ඒක මට ගැලපෙන්නෑ කියනවා...
ඒ නිසා මන්....,
"ඒක හොඳයි බබා..ලස්සනයි" කියලා කියාගත්තා...
මන් වරදක් කරන බව මගෙ හිත දන්නවා...මටත් ආයු අයියට වගේම තීරණයක් ගන්න හයියක් නෑ...මන් අසරණයි.!
එයා මට ඩෙනිමක් තෝරලා දුන්නා...ඒක පැච් ඩෙනිමක්...
ඕහ්..! මන් ඒවට ආස නෑ....
ඒක හරිම කැතට ඩිසයින් කරලා තියෙන්නෙ...හරිම මෝඩ පාටයි...මට මේක අඳින්න බෑ...කොහෙත්ම බෑ...!
"දුල්යා...මේ දෙක ෆිටෝන් කරලා බලන්න...ඉක්මනට..." මගෙ අතට ඩෙනිමකුයි ටොප් එකකුයි දෙන ගමන් අයියා කිව්වෙ වොච් එක දිහා බලාගෙන...
ඔච්චර හදිස්සි නම් මොන එහෙකටද මාව මෙහෙට එක්ක ආවෙ. අහන්නත් හිතුණා මට.
ෆිටෝන් රූම් එක ඇතුලට ගිහින්...මන් මිනිත්තු කීපයක් තිස්සෙම කල්පනා කළේ...මේ ඩෙනිම ප්‍රතික්ෂේප කරන්න හේතුවක්....!
YOU ARE READING
විරහවද ප්‍රේමයක්
Romanceප්‍රේමය අයිති කරගත් ඔහු හා... අයිතියක් නැතිවම ප්‍රේම කරන ඇයද... අයිතියට පමණක් ප්‍රේම කරන ඔහුද.. සමඟින්... ප්‍රථම ප්‍රේමයේ...නිම්හිම් සොයා...