14th Hour

336 144 2
                                    

මගේ ලැප් එකේ වාඩි වෙලා පොත කියවනකොට මම මගේ නහය එයාගේ බෙල්ල දිගේ ගෙනියුවා. එයා මාව ගනන් ගන්නේ නැති හන්දා මම එයාගේ ඉන වටේ හොදට අත් දෙක දාගෙන තවත් එයාව මගේ ලගට ඇදලා ගත්තා.  ඒත් එයා මාව ගනන් ගන්නේ නැති හන්දා මම එයාගේ බෙල්ල කිස් කරගෙන ගියා.

මගේ ජිනී මම කරන කිසි දේකින් සැලෙන්නේ නැතුව එක දිගටම පොතට අවධානය යොමු කරා. එයා පොත් වල එක එක දේවල් හොය හොය ඉන්නකොට මම එයාගේ සුවද හොය හොය හිටියා. අන්තිමට එයා මගේ ලගින් නැගිටලා ගියේ මගේ ලිප්ස් වලට කිස් එකක් දෙන ගමන්මයි.

ජිනී එක්ක ගිහින් එකට නිදාගන්න මට ලොකු ආසාවක් තිබ්බත් අසයිමන්ට් එක කම්ප්ලීට් කරන්න තියන දවස් ගාන මතක් උනාම මම ආයේ පොත් පෙරලුවා. ජිනී තැනින් තැන පිටු නවලා ඒවගේ ඇතුලේ කලු පෑනෙන් රවුම් කරලා තියන ඒවා කියවන් යනකොට මට ජිනීගෙ වැඩ ගැන හිතා ගන්නවත් බැරි උනා.

මම ජිනී දිහා බලලා ආයේ පොත දිහා බැලුවේ මම දැක්ක දේවල් ඇත්තද බලන්න. එයා නාවියා ස්ටෝක් ප්‍රශ්නෙ විසදන්න පුලුවන් සංකල්පේ හොයාගෙන.මම ජිනීව නැගිටුවන්න හැදුවත් එයා නිදන් ඉන්න විදිහ දැක්කම මට එයාව නැගිටුවන්න හිතුනේ නෑ. හෙට උදේම එයා එක්ක මේ ගැන කතා කරනවා කියලා හිතාගෙන මාත් එයා ලගින් දිගා වෙලා එයාව මගේ ලගට ඇදලා ගත්තේ මට එයා ගැන ලොකු ආඩම්බරයක් එනකොටමයි

උදේ ජිනී නැගිටුන ගමන් මම එයාට ඇදෙන් බහින්න දෙන්නෙ නැතුව එයාව මගේ ලගට ඇදලා ගත්තා. පරක්කු වෙනවා කිය කිය මගේ ලගින් එයා බේරිලා යන්න හදනකොට මම කරේ එයාව තව තවත් මගේ ලගට ඇදලා අරන් මගේ මූන එයාගේ බෙල්ල අස්සේ දාගත්ත එක

මගෙන් බේරුමක් නෑ කියලා තේරුන හන්දද කොහෙද එයා සන්සුන් උනා. මම එයාගේ බෙල්ල කිස් කරගෙන යන ගමන් එයාගෙබ් ඊයේ කරපු දේවල් ගැන ඇහුවා.

"ඔයා නාවියා ස්ටෝක් එක කරන්න ජිනී"

"ඇයි ඒ? "

"ඔයා ඒක හොයාගෙන. ඔයා මිලේනියම් ප්‍රොබ්ලම් එකකට විසදුමක් හොයාගෙන."

"ඒත් ඒක ඔයා කරන එක කුකී.."

"නෑ. මට ඒක කරන්න ඕනේ නෑ. ඒ ඔක්කොම ඔයාගේ අදහස්. ඒ හන්දා ඔයා කරන්න."

"මම මගේ අසයිමන්ට් එක දැනටමත් කරලා ඉවරයි කුකී. ඔයාට තියෙන්නේ දැන් ඕක විසදලා ගිහින් බාර දෙන්න."

"ඒත් මේක හැමදේටම වඩා හොද එකක්නේ?"

"ට්‍රස්ට් මී.මගේ අසයිමන්ට් එක මම කරලා ඉවරයි. ඒ හන්දා දැන් ගිහින් ආයේ වැඩ පටන් ගන්න. "

ජිනී මාව ආයේ වැඩ කරන්න වාඩි කෙරෙව්ව හන්ද මම එයා පෙන්නපු පොත් ටික අරගෙන වැඩ කරන්න පටන් ගත්තා. මම එයාගෙන් ආයේ ආයේ ඇහුවේ නැති උනාට එයා හොද අසයිමන්ට් ටොපික් එකකට වැඩ කරලා ඇති කියන දේ මගේ ඔලුවේ තිබුනා.

සංකල්පය හදාගෙන එනකොට මම එක තැනක් හිර උනා. එක දවස එහෙම නෙවෙයි. දවස් 3ක් එක තැනක හිර වෙලා මම දවස් තුනේම වටින වෙලාව එතනට නාස්ති කරා. පැය 36න් දෙන්න ඕනේ අසයිමන්ට් එක මම කම්ප්ලීට් කරලා නැති වෙනකොට පැයෙන් පැය අඩු වෙලා පැය 11කට ආවා.

මගේ ඒන්ජල් ඒකටත් මගේ ගැලවුම්කාරයා උනා.

ජිනී ඇවිත් මට එක තියරි එකක් රිවර්ස් එකට හිතන්න කියලා කිව්වම මම ඒක හිතලා බැලුවා. ජිනී කිව්වා හරියටම හරි.

හැමදේම ඉස්සරහට යනකොට සමහර දේවල් පිටීපස්සට යනවා. හරියට අපේ ජීවිත වගේ....

අසයිමන්ට් එක සබ්මිට් කරන්න පැය 3කට කලින් මම ඒක කම්ප්ලීට් කරා

Twenty Sixth Hour  |   Jin × Kook  |  CompletedWhere stories live. Discover now