මම එක පාරටම මැඩම් දිහා හැරිලා බැලුවේ මැඩම්ට මම කිව්ව දේ තේරිලද කියලා බලන්න. වැඩක් නෑ මැඩම් එන්නේ මාව ප්රින්සිප්ල් ලගට එක්කන් යන්න.
"මම ප්රින්සිප්ල් ඔෆිස් එකට ගිහින් එනකන් ඔයාලා ඊලග පිටු ටික බලාගන්න ඕනේ. "
ඔෆිස් එකට එන්න තට්ටු දෙකක් පහලට බහින්න ඕනේ. ඒ එන ගමනුත් මැඩම් කරේ මට බැන බැන එන එක. ඒ මදිවට මග දිගට හම්බෙන ටීචර්ස්ලටත් මගේ ගැන කියලා බැන්නා. මාත් ගාණක් නැතුව හිටියේ මට කොහොමත් බැනුම් අහන එක පුරුදු හන්දා.
ඔෆිස් එකට ආවට පස්සේ ප්රින්සිපල් මගේ මූන දැක්කම එයා දාගෙන හිටපු ස්පෙක්ස් දෙක ගලවලා මේසේ උඩින් තිබ්බා. මැඩම් එක දිගට කියවගෙන කියවගෙන ගියාට පස්සේ ප්රින්සිපල් සර් මගේ දිහා බලා බලලා හිනා උනා.
ප්රින්සිප්ල සර් අනිත් ටීචර්ස්ලා වගේ මහ එපා කරපු කෙනෙක් නෙවෙයි. එයා එක්ක කතා කරන්න පුලුවන්. එයා මාව තේරුම් ගත්තා අනිත් අය වගේ නැතුව
මැඩම් බැනලා බැනලා ඉවර උනාට පස්සේ ප්රින්සිප්ල් සර් කිව්වම මගේ පේරන්ට්ස්ලට කතා කරන්නම් කියලා මැඩම් මට නෝක්කාඩු හිනාවක් දාලා ඔෆිස් එකෙන් එලියට ගියා.මැඩම් යනකන් බලලා ප්රින්සිපල් සර් මට කතා කරා. එයා මගෙන් ඇහුවා මැඩම් එක්ක උන ප්රශ්නෙ ගැන. ප්රින්සිප්ල් සර් මැඩම් තරම් එපා කරපු කෙනෙක් නෙවෙයි හන්දා මම ප්රින්සිප්ල් සර්ට හැමදේම කිව්වා.
"නියමයි. ඔයාට පපාද මේ දේවල් කියලා දෙන්නේ ?"
"නෑ සර්. පොත් වලින් මම ඉගෙන ගත්තේ".
"මම ඔයාගේ ගෙදරට කතා කරන්න ඕනේ. දැන් ක්ලාස් එකට ගිහින් අද ඉතුරු වැඩ ටික කරගන්න. "
"මම ලයිබ්රි එකට ගියාට කමක් නැද්ද? අද ඩබල් පීරියඩ්ස් මැත්ස්! "
"කමක් නෑ. ලයිබ්රි එකේ ඉන්න. "
මම ලයිබ්රි එකට ආවේ කොහොමත් දැන් මැඩම් මාව ක්ලාස් එක ඇතුලට ගන්නේ නෑ කියලා දන්න හන්දා. පුරුදු විදිහට මම තුන් වෙනි පාරටත් එක පොතක් අරගෙන කියවන්න යනකොට මට ඒවගේ තියන වචන රචනාවක් කියවනවා වගේ ඔලුවට ආවා එක දිගට.
VOCÊ ESTÁ LENDO
Twenty Sixth Hour | Jin × Kook | Completed
Fanficජිනී 'විසි හය වෙනි පැය' ගැන කියනකොට මගේ හිතට ලොකු සතුටක් ආවා. මම ජිනීට අයි ලව් යූ කියන හැමවෙලේම එයා මට කවදාවත් හරි උත්තරයක් දුන්නේ නෑ. එයා හැමදාම කිව්වේ 'විසි හය වෙනි පැයේදි' මට උත්තරයක් දෙන්නම් කියලා. අද අන්තිමට එයාගේ 'විසි හය වෙනි පැය'...