Epilogue

503 143 25
                                    

නොබෙල් ප්‍රයිස් එක ගත්ත දවසට පහු වෙනිදම මට මෙන්ටල් හොස්පිටල් එකකට එන්න උනා. කිම් සොක්ජින් කියන්නේ කවුද කියලා කියන්න ගියාට පස්සේ එයාලා මාව පිස්සෙක් කියලා මාව මෙන්ටල් හොස්පිටල් එකට එක්කන් ආවා.

චාන්ස්ලර් කිව්වා අපේ හොස්ටල් වල රූම් මේට්ස්ලා තියන්න එයාලා රූම්ස් ශෙයා කරගන්න දෙන්නෙ නෑ කියලා, කිම් ටේයුන් කිව්වා එයාගේ ඉස්සරහා රූම් එකේ මම හිටියේ තනියම කියලා..

එදාම ගිහින් මම කොලේජ් එකේ අපේ හොස්ටල් එකට ඇවිල්ලා බැලුවා අපේ රූම් එක.ජිනීගේ බඩු ඔක්කොම තිබ්බ තැන් වලින් අතුරුදහන් වෙලා තිබ්බා. ඇදේ බාගෙකට විතරයි බෙඩ් ශීට් එක දාලා තිබ්බා, මේසේ බාගෙක විතරක් පොත් තියලා තිබ්බා, කබඩ් එකේ බාගෙක විතරක් ඇදුම් දාලා තිබ්බා. පලවෙනි දවසේ ජිනී බඩු අස් කරලා තිබ්බා වගේම මගේ බඩු මේසේ උඩ පිලිවෙලට තිබ්බා.

ජිනී පැනලා යන්නේ නෑ කියලා මගේ හිත කියනකොට පපා කිව්වේ ජිනී මගේ හිතේ ඇදුන මායාවක් කියලා. පපාව විශ්වාස කරන්න බැරි හන්දා මම  අපේ ප්‍රොෆෙස කෙනෙක් ලගට ගිහින් ජිනී ගැන ඇහුවා. එයා එහෙම කෙනෙක් දන්නේ නෑ කිව්වා..කැෆටේරියා එකේ වැඩ කරන කෙනෙක්ගෙන් මාත් එක්ක හැමදාම කැෆටේරියා එකට එන කෙනා ගැන ඇහුවම එයා කිව්වා මම තනියම එන්නේ කියලා...

ඇඩ්මිනිස්ට්‍රේශ්න් එකේ ෆයිල් පෙරලලා අපේ බැච් එකේ ෆයිල්ස් අතරේ මම ජිනීගේ විස්තර හෙව්වට එයා ගැන කිසිම රෙකෝර්ඩ් එකක් ඒ අතරේ නැති උනා..

අන්තිමට මම මගේ ෆොන් එකෙන් ජිනීට කෝල් එකක් ගන්න බැලුවාඅ. ජිනී කියලා කන්ටැක්ට් එකක් මගේ ෆෝන් එකේ තව දුරටත් තිබ්බේ නෑ.

මම ජිනිට ඇහෙන්න හයියෙන් එයාගේ නම දෙපාරක් කියලා කෑ ගහනකොට මගේ මුලු ලෝකෙම කලුවර උනා එක පාරටම

**********************************

මම නින්දෙන් නැගිටිනකොට ජිනී මගේ ලග ඉන්නව දැකලා මට ලොකු සතුටක් දැනුනා. මම ඉක්මනට එයාව බදාගත්තේ එයා නැති ජීවිතයක් මට හිතාගන්න බැරි උන හන්දා.

"ජිනී. මම බය උනා. එයාලා කිව්වා ඔයා බොරුවක් කියලා. මම හොදටම බය උනා...."

මම ජිනීව බදාගෙන ඉන්නකොට එයා මගේ හග් එකෙන් නැගිටලා ඇවිල්ලා මාව ඇදෙන් බස්ස ගත්තා. එයාම මගේ ලග දන ගහලා මගේ කකුල් වලට ස්ලීපර්ස් දාලා මාව එලියට එක්කන් යනකොට මට කියාගන්න බැරි තරම් ලොකු සතුටක් ආවා.

ඩොක්ටර් නම්ජූන් ගෙන් ජිනී ගැන අහන හැමවෙලේම එයා ඒක මගේ හිතේ මැවුන මායාවක් කියනකොට මට තේරුනා එයාලා මට ලොකු බොරුවක් කරන්නේ කියලා. අවුරුදු 4ක් පුරාවට මගේ ලග හිටපු ජිනීව ඇත්තද නැද්ද කියලා අදුරගන්න බැරි වෙන තරම් මෝඩයෙක් නෙවෙයි මම..

ජිනී මාව එක්කරගෙන රූෆ් ටොප් එකට ආවා. කාලෙකට පස්සේ ඉර එලිය දැක්ක හන්දද මන්දා මගේ ඇගට අද අමුතු පණක් ඇවිල්ලා තිබ්බා. ජිනී මාව රූෆ් ටොප් එක මැදට එක්කන් ඇවිල්ලා මගේ ඉස්සරහට වෙලා හිට ගත්තා.

"කුකී. "

"ජිනී"

"විසි හය වෙනි පැය ලන් වෙන්න තියෙන්නේ..අපි යමුද අපේ ගෙදර අයට අපේ එෆයා එක ගැන කියන්න?"

ජිනී විසි හය වෙනි පැය ගැන කියනකොට මගේ හිතට ලොකු සතුටක් ආවා. මම ජිනීට අයි ලව් යූ කියන හැමවෙලේම එයා මට උත්තරයක් දුන්නේ නෑ. එයා හැමදාම මට කිව්වේ 26 වෙනි පැයේදි දෙන්නම් කියලා. අද අන්තිමට 26 වෙනි පැය ඇවිල්ලා.මම ජිනීගේ අත තදින් අල්ලලා එයාව නැවැත්තුවා.

"කුකී ඇයි?"

"අයි ලව් යූ ජිනී!:

"අයි ලව් යූ ටූ කුකී... අයි ලව් යූ ටු ද මූන් ඇන්ඩ් බැක්! "

මම ජිනී දිහා බලලා හිනා උනාම එයා අපේ අත් ආයෙමත් තදින් අල්ලගත්තා. මම එයා දිහා බලලා එයාගේ අත අරගෙන පිටි අත්ලට කිස් එකක් දෙනකොට එයාගේ මූණ හැමදාම වගේ රතු උනා. එයගේ හිනාව වෙනදා වගේම ලස්සනට තිබුනා..

"අපි යමු දැන්. 26 වෙනි පැය පටන් ගත්තා. මගේ පවුලේ අය බලන් ඉන්නවා ඔයා එනකන්!. "

එක පාරටම  ඔරලෝසු කනුවක වෙලාව වැදෙන සද්දේ ඇහෙනකොට ජිනී මාව අරගෙන ඉස්සරහට ගියා. මමත් එයාගේ අත අල්ලගෙන ඉස්සරහටම ගියේ මගේ ජිනීගේ පවුලේ අය දකින්න මගේ හිතේ තිබ්බ ආසාව තව තවත් වැඩි කරගෙනමයි.

26 වෙනි පැය ,

ජිනී වගේ කෙනෙක් මගේ ජීවිතේට අරන් ආවට ගොඩක් ස්තූතියි!

ජියොන් ජන්ග්කුක්












The End







Thank you so much ♥

Twenty Sixth Hour  |   Jin × Kook  |  CompletedTempat cerita menjadi hidup. Temukan sekarang