🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

33 3 2
                                    

ආදරෙත් එක්ක ලස්සනට ගෙවිලා ගියපු කාලෙ වෙනස් වුනේ,මුහුද මැද්දේ ලස්සනට යාත්‍රා කරපු නැවක් කුනාටුවකට අහුවෙලා මුහුදුබත් වුනා වගේ.....💔
නොහිතපු වෙලාවක අපේ ගෙදරින් මේ ගැන දැන ගත්තේ අපි දෙන්නව දෙපැත්තට කරලා.දෙන්නටම කරන්න තිබ්බේ එකම දෙයයි.ලස්සන මතක එකින් එක මතක් කර කර අඩන එක විතරමයී.😥ආයේ හම්බෙන දවසක්,කතා කරන දවසක් ගැන හිතන එකත් ලොකු වේදනාවක් වුනා.හැමදේම ඉවසගෙන හිටියේ කාලයට ඉඩදීලා.වෙන කරන්නම දෙයක් නැති නිසා.හැමදාම මෙහෙම ඉන්න එක මට වදයක් වුනා.ලොකු කාලයක් නැතිවුනත් ඒ කාලේ හැමවෙලේම වගේ ලගින්ම හිටපු නිසා ලග නෑ වගේ දැනෙනකොට දරාගන්න බැරිතරම් දුකක් දැනෙනවා.ඒත් මොනවා කරන්නද.😔 හැමදේම වෙන්නේ හොඳටනේ කියලා හිතලා පුලුවන් තරම් හිත හදාගන්න උත්සාහ කරා.දින,සති ගනන් කර කර හැමදේම විසඳෙන දවසක් ගැන හීන මැව්වා ගොඩාක්...දෙන්නම දෙපැත්තේ ඉඳන් කල්පනා කරේ මේ නරක කාලය ගෙවෙන දවසක් ගැන.....
ගොඩාක් දුක්බර කාලයක් ගෙවුනේ හරිම හෙමින්.....ගෙවෙන දවස් කොච්චර අමාරු වුනත්,අපි අතරෙ තිබ්බ බැදීම ටිකින් ටික ශක්තිමත් වුනේ අපිටත් නොදැනිමයි.....

මේ අතරෙ මං නොහිතපු අවස්තාවක් හම්බුනේ මං හිතුවෙවත් නැති වෙලාවක.....japanese teacher කෙනෙක් විදිහට ඉස්කෝලෙක උගන්නන්න පුලුවන් වුනා.....ගෙදරටම හිරවෙලා හිටපු මගේ හිතට ලොකු සහනයක් වුනා.....මං හරි ආසාවෙන් ඒ දේ කරන්න භාර ගත්තා......එයත් ගොඩාක් ආසාවෙන් බලන් බලන් හිටියෙ මං teacher කෙනෙක් වෙනවා බලන්න....ඒක මගෙ හීනයක් වගේම එයාගෙත් හීනයක්.......මට ලොකූ සතුටක් වුනා ඒක.....අපේ අම්මලගෙත් තිබ්බ ලොකු හීනයක් නිසා එයාලත් මං මේ ගමන යනවට එකපයින්ම කැමති වුනා....ඒක මගේ හිතටත් ලොකු සහනයක් වුනා....❤️

❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

....................................

You've reached the end of published parts.

⏰ Last updated: Jun 13, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

💓💓දෛවය💓💓 (Destiny)Where stories live. Discover now