Chapter 9

1.5K 308 29
                                    

පැය ගානක නින්දෙන් පස්සෙ ඊළඟ දවසෙ උදේම එයා ආපහු නැගිට්ටෙ තද බඩගින්නක් දැනුනු හින්දා. හරි ඉතින් දැන් එයාගෙ බඩට දවස් දෙකකින් විතර හරිහමන් කෑමක් වැටිලා නෑනෙ.. ඒත් එක්කම එයාට දැනුනා ඇට මස් නහර බොකු බඩවැල් ඔක්කොම පිනායන තරම් සුවඳක්.. අමාරුවෙන් උනත් නැගිටලා ටේ ඒ සුවඳ දිගේ ඉව අල්ල අල්ල ගියෙ ඒ සුවඳ ආපු දිහාට. එහෙම ගිහින් එයා ඇතුල් උනේ ඒ ගෙදර කුස්සියට කියලා ටේට බැලූ බැල්මට තේරුණා. ගුකී මොනවහරි උයන ගමන් හිටියේ.. ඉතින් එයා ඒ ළඟ තිබ්බ බංකුවකින් ඉඳගත්තා.

"ම්ම්ම්... මාර සුවඳයි.." කටපියන් ඉන්න දන්නැති ටේ එහෙම කිව්වම ගුකී එයා දිහා ගැස්සිලා බලලා ආයෙමත් එයා කර කර හිටපු වැඩේ කරන්න ගත්තෙ ටේව තඹේකටවත් මායිම් නොකර. ඒකට නම් ඉතින් ටේට දුක හිතුණා. එයා විහිළුවක් කරලා හැමවෙලේම හිනාවෙලා ඉන්න කෙනෙක්.. අනික හමුදාවෙ ඉද්දි කොහොමත් කට්ටියම එක්ක ජොලියෙ ඉන්න පුරුදු වෙලා හිටපු ටේට ගුකීගෙ විදිහට හුරුවෙන්න ටිකක් අමාරු වුණා. එක අතකට එයාලගෙ වයස් පරතරය එක්ක ගුකියි එයයි කොහොමත් ගැලපෙන්නෙ නෑ.. ඒත් හුරුබුහුටි පොඩි කොල්ලව දැක්කම ටේට ඕනෙ උනේ එයාව පරිස්සමින් බලාගන්න ඕනෙ වගේ හැඟීමක්.. සාධාරණයි ඉතින්... එයාට ගොඩ කාලෙකට පස්සෙයි මෙච්චර පොඩි කෙනෙක්ව හම්බුනේ. ඉතින් මල්ලි කෙනෙක් එහෙම නැත්නම් දරුවෙක් ගැන ඇතිවෙන හැඟීමක් ටේට ගුකී ගැන ඇතිවෙන එක පුදුමයක් නෙවෙයිනෙ.

"මාත් උදව්වක් කරන්නද?" ටේ ආයෙමත් ඇහුවා.

"අර ළූනු ටික පුළුවන් නම් කපලා දෙන්න." ඒ පාර නම් ගුකී උත්තර දුන්නා. ඉතින් අමාරුව පැත්තකින් තියලා ටේ ගියේ ගුකී කියපු වැඩේ කරන්න.

"කෝ පිහිය?"

"අර අතන තියෙන තට්ටුවේ බලන්න."

ටේ ගුකී පෙන්නපු තැනට ගිහින් පිහියක් ඇදලා ගද්දි තට්ටුවෙ තිබ්බ ඔක්කොම ටික සල සලාං ගලා බිම. ගුකී දිහා දත් තිස්දෙකම දාලා හිනාඋනු ටේ ආයෙමත් ඒ ටික අහුලලා පිළිවෙලට තිබ්බා.

ඊටපස්සෙ ළූනු ගෙඩිය කපන්න යද්දිම ඒක ලිස්සලා ගිහින් බිම දිගේ රෝල් වෙලා ගියා.

"ළූනු ගෙඩියෙ තමයි වැරැද්ද..ඒක මොකටද රවුම් උනේ??" ටේ එහෙම කියලා ළුනු ගෙඩිය අරන් ගුකී තියලා තිබ්බ වතුර භාජනෙන් ඒක හේදුවා. ගුකී ඔලුව දෙපැත්තට වනලා ආයෙමත් එයාගෙ වැඩේ කරන්න ගත්තා. ඊටපස්සෙ කොහොමහරි ටේ ළූනු ගෙඩිය කපලා ගුකීට දුන්නා.

Reincarnation [Taekook] ✔️Where stories live. Discover now