Chapter 13

1.4K 317 28
                                    

ගුකී කෑගහනවා ඇහෙද්දි ටේ අඩියට දෙකට ගුකීගෙ කාමරේට දුවන් ආවා.

"මොකද ගුකී.. මොකද්ද උනේ? අසනීපයක්වත්ද?" ටේ ගුකී ළඟට ළංවුණා.

"ඔව්.. මෙතන රිදෙනවා." ටේගෙ අත එයාගෙ කලිසම උඩින් තියලා කඳුලුත් පුරෝගෙන ගුකී කියද්දි ටේට එයාව දාලා යන්න හිතුනෙත් නෑ. ඒත් ගුකීගෙ ප්‍රාණවත් උනු සාමාජිකයගෙ පහස එයාගෙ අතට දැනෙද්දි ටේ කල්පනා කරා ගුකීට මෙහෙම වෙන්න මොකද්ද උනේ කියලා.

"මොකද්ද ඔය කරේ?" ඒ වෙලේ තමයි ටේගෙ ඇස් බිම තිබුණු පොතට ගියේ. "යාහ්.. ඔයා මේක බැලුවද? ඕනෙ නැති වැඩනෙ කරන්නෙ.."

"ඒක බැලුවමම නෙවේ.. ඒක බලද්දි  ම..මට උදේ හ්‍යුන්ග් හිටපු විදිහ මතක් වුණා.. ඊටපස්සෙ මෙහෙම උනේ.." ගුකී බයටම ඇත්ත කියන්න හිතුවත් ඒ ඇත්ත නිසා ටේට මොනවගේ හැඟීමක් දැනෙයිද කියලා එයාට තේරුණේ නෑ.

අනිත් අතට ගුකී කියපු එක ඇහුවම ටේගෙ හුස්මත් හිරවුණා. උදේ එයාට එහෙම උනේ ගුකී නිසා.. දැන් ගුකීට මෙහෙම උනේ එයා නිසා. "ඒ කියන්නෙ.. ඒ කියන්නෙ අපි දෙන්නම සමලිංගිකයිද?" ටේ එයාගෙ හිතින්ම ප්‍රශ්න කරා. එක අතකට එහෙම නොවුනනම් එයාලගෙ සිරුරු ඒ විදිහට ප්‍රතිචාර දක්වන්නෙ නෑනෙ. ගුකීට වඩා අවුරුදු දහයක් වැඩිමල් උනත්, හමුදා සෙබලෙක් විදිහට ටේට ලිංගික ජීවිතේ විඳින්න තරම් ඉඩක් ලැබිලා තිබුණෙ නෑ. අනික මේ වෙනකම් ටේගෙ හිත ගත්තු කෙනෙක් ටේට හම්බෙලා තිබුණෙත් නෑ. ඒත් සමලිංගිකත්වය වරදක් උනු කාලෙක ඒ ගැන හිතන්නවත් ටේ බයවුණා. ඒත් ඒ හැමදේකටම උඩින් ගුකී එයාට ටික ටික ළංවෙද්දි ටේටත් නොදැනුවත්වම එයා එයාටම දාගත්තු සීමාවන් එක දෙක බිඳෙන්න අරගෙනයි තිබුණේ.

"කෝ තුවායක් අරන් නැගිටින්නකෝ.. ඕක නෑවම අඩුවෙයි." ටේ ගුකීවත් වාරු කරගෙන නැගිට්ටා.

ඊටපස්සෙ කොල්ලව ළිඳ ළඟට එක්කන් ගිහින් සීතල වතුරෙන් නෑව්වා.

"තාම රිදෙනවද?"

"නෑ හ්‍යුන්ග්.. දැන් රිදෙන්නෙ නෑ. ඒක පොඩිවෙලා. ඇයි ඒක එකපාරටම ලොකු උනේ?"

"මීටකලින් එහෙම වෙලා නැද්ද?" ටේ අහද්දි ගුකී ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න. ඒ කියන්නෙ ගුකීට පළවෙනි පාරට ලිංගික හැඟීමක් දැනිලා තියෙන්නෙ අද.. ඒකත් ටේ නිසා.

Reincarnation [Taekook] ✔️Where stories live. Discover now