Chapter 19

1.5K 319 42
                                    

"නවත්වනු! සියල්ලටම පෙර ඔය තිරිසනා හට වෙඩි තබා ඝාතනය කර දමන්න... තවදුරටත් මෙවන් විප්‍රකාර බලාසිටිය නොහැකියි. ඉන් පසු ඔය අනිත් අවජාතකයව පිටුවහල් කරදමන්න." හමුදාපතිවරයාගෙ කටහඬ පිටිය පුරා දෝංකාර දුන්නා. ඔහුගේ මුහුණ හැඟීම් විරහිත වුණා. සමහරක්විට පියාණන් වීත් ඔහු සිය එකම පුතුට සැලකූ ආකාරයත්, ඔහුගේ පෙම්වතා සිය පුතුව රැකි ආකාරයත් ගැන සිතා බලද්දි ඔහුට එය දරාගැනීම අපහසු වන්නට ඇති.

හමුදාපති තුමාගෙ අණ නිසාවෙන් තවමත් සිය පෙම්බරාව ආවරණය කරගෙන සිටි ටෙවන්ව සෙබළුන් කිහිපදෙනෙක් විසින් ඉවතට ඇදගෙන ගොස් නැවතත් පෙර ස්ථානයටම දැමුවා. ඔහු වෙතට එල්ලවී ඇති ගිනි අවිය දෙස නෙත් යොමාගෙනම ටෙවන් සිතට වෙර ගෙන නැවතත් සිය දෙපයින් නැගී සිටි අතර අවසන් වතාවටත් ඔහුගෙ දෑස් සිය පෙම්වතාගෙ රුව සොයා සැරිසැරුවා. කුඩා වයසට ඒ සියුමැලි ශරීරයට උහුලා ගත නොහැකි තරම් වේදනාවක් විඳි ඒ සොඳුරු යෞවනයා අපහසුවෙන් නමුත් ඔහු වෙතට හැරෙද්දී ටෙවන් ඒ රුව කිසිදා අමතක නොවෙන සේ සිත් පත්ලෙ තැන්පත් කරගත්තා. ඒ රවුම් තාරකා වැනි දෑස් වේදනාවෙන් පිරිලා තියෙනවා දකිද්දි ඒ හිත ඇතුලෙ මොනතරම් වේදනාවක් තියෙනවද කියලා ටෙවන් තේරුම් ගත්තා. නමුදු ඒ උවන සිප සනසාලීමට ඔහුට යළි කිසිදු දිනෙක නොහැකි වේවි. ඉදින් ඔහු අහස් කුස දෙස බලා ප්‍රාර්ථනාවත් කරා.. කිසිදා දෙවියන් බුදුන් විශ්වාස නොකළ ඔහු පළමු වතාවට ලෝක පාලක දෙවියන්ගෙන් යමක් අයැද සිටියා.

"අපිට අපේම වියහැකි ලොවක ඔහු හා මා නැවත හමුවේවා!"

කඩා වැටීමට ඔන්න මෙන්න තිබූ අඳුරු අහස් ගැබ ඒකාලෝක වී හෙණ නදක් ගුගුරා ගියේ ඔහුගේ ප්‍රාර්ථනය දෙවියන් හට ඇසුණු බවක් විදහා පාමින්.

ඒත් සමඟින් ගිනි අවිය පුපුරා ගොස් පළමු උණ්ඩය ටෙවන්ගේ වම් උරය පසාරු කරගෙන ගියා. දෙවැන්න ඔහුගේ කුස පසාරු කරගෙන යත්ම අඩියක් පිටුපසට විසිවී ගියත් ටෙවන් වෙර දරා තවදුරටත් සිය දෙපයින් නැගී සිටියේ බලාසිටි බොහෝ දෙනාගෙ සිත් කම්පා කරමින්. සිරුරට දරාගත නොහැකි අයුරින් කසපහර ලබා සිටි ඔහුට තවදුරටත් වෙඩි උණ්ඩ දරාගැනීමට ශක්තියක් තිබුණේ නැහැ.

Reincarnation [Taekook] ✔️Where stories live. Discover now