Chapter 28

1.5K 298 20
                                    

ඒ නිසා ටේහ්‍යුන්ග් එහෙම්මම නැගිටලා බාත් රූම් එකට දිව්වෙ ජන්ග්කුක් පුදුමෙන් එයා දිහා බලන් ඉද්දි. ටේහ්‍යුන්ග්ට ඕනෙ උනේ නෑ ජන්ග්කුක්ව බය කරන්න. සංසාර බැඳීමක් උනත්.. මේ ආත්මෙදි ඒ දෙන්නා හම්බවුණ විදිහට ටේහ්‍යුන්ග් එච්චර කැමති වුණේ නෑ. ඒ දෙන්නා අතර තිබ්බෙ sex නිසා පටන් ගත්තු සම්බන්ධයක් උනු නිසා ටේහ්‍යුන්ග්ට ඒ සම්බන්ධය sex මූලික කරගත්තු දෙයක් වෙනවා දකින්න ඕනෙ උනේ නෑ. එයාට ඕනෙ උනේ ජන්ග්කුක්ට එයාගෙ ආදරේ දැනෙන්න දෙන්න. එකපාරටම ජන්ග්කුක් එක්ක තනිවුණ පළවෙනි දවසෙම එයාගෙ ඇඟට කඩන් පැනලා ජන්ග්කුක්ව බයකරන්න ටේහ්‍යුන්ග් අකමැති වුණා. ඉතින් සීතල වතුරෙන් මූණ අතපය තෙමාගෙන රත්වුණු ශරීරය ආයෙමත් සිසිල් කරගන්න ටේහ්‍යුන්ග් උත්සාහ කරා. ඒ වේදනාව දරාගන්න අමාරු උනත් ටේහ්‍යුන්ග් ඒක දරාගත්තා.

විනාඩි පහලවකට විතර පස්සෙ ටේහ්‍යුන්ග් ආයෙමත් කාමරේට එද්දි ජන්ග්කුක් එයා ළඟට දුවන් ආවා. ඒ ඇස් කණගාටුවෙන් පිරිලා..

"මොකද උනේ හ්‍යුන්ග්?? මං බයවුණා.."

"අහ්... එකපාරටම මට නිකන් බඩ කොරවෙනවා වගේ දැනුනා.. දැන් හරි." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ඔලුව අතගාලා කියද්දි තමයි ජන්ග්කුක්ගෙ මූණට එළියක් වැටුණේ.

"හ්ම්ම්.. යමුද එහෙනම් කන්න. අම්මා අපිට කතා කරා. ඩිනර් රෙඩිලු.."

"හ්ම්ම්.. යමු එහෙනම් ගිහින් කාලම එමු."
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔය විදිහට සතියක් දෙකක් විතර ගෙවිලා ගියෙ කිසිම වෙනසක් නොවී. හැඟීම් පාලනය කරගන්න එක ගොඩක් අමාරු වුණත් සිපගැනීමකින් එහාට නොයා ඉන්න ටේහ්‍යුන්ග් වග බලාගත්තා. ඒ විෂය සම්බන්ධයෙන් තාම අත්දැකීම් අඩුවුණු නිසා ජන්ග්කුක්ට හාදුවකින් විතරක් සෑහිමකට පත්වෙන එක ලොකු දෙයක් උනේ නෑ. ඒ නිසාම ටේහ්‍යුන්ග්ගෙ වේදනාව ගැන එයාට තේරුමක් තිබ්බෙත් නෑ.
පහුවුණු හැම දවසකම වගේ ටේහ්‍යුන්ග් ජන්ග්කුක් දෙන්නා බුසාන් වල ලස්සන තැන් බලන්න ගියා. ඒ හැමතැනකම එයාලගෙ ආදරේ මතක සටහන් ඉතුරු වෙද්දි ටේහ්‍යුන්ග් ජන්ග්කුක් දෙන්නගෙ ආදරෙත් එන්න එන්නම ශක්තිමත් වුණා.
ඒ වගේම ටේහ්‍යුන්ග්ට කොරියන් උගන්නන්නත් ජන්ග්කුක් අමතක කරේ නෑ. තිබ්බ උනන්දුව හින්දම සති දෙකක් යද්දි ටේහ්‍යුන්ග්ට සාමාන්‍යය භාවිතයේ තිබ්බ වචන ගැටගහලා කතා කරන්න වගේම කියන දෙයක් සාමාන්‍යය මට්ටමකට තේරුම් ගන්න පුළුවන් උනා. ජන්ග්කුක් පවා පුදුම වුණා ටේහ්‍යුන්ග් එච්චර ඉක්මනට කොරියන් ඉගෙන ගත්තු එක ගැන. ටේහ්‍යුන්ග් නම් කිව්වෙ සංසාර පුරුද්ද නිසා එයාට කොරියන් ඉගෙන ගන්න එක ලේසි වෙන්නැති කියලා.

Reincarnation [Taekook] ✔️Where stories live. Discover now