Chapter 23

1.7K 318 28
                                    

"හ්‍යුන්ග්?? මොකෝ මේ කට්ටියම වටවෙලා?" ඒ මොහොතෙම වගේ එයාලට ඇහුණෙ වොශ්රූම් එකේ ඉඳන් එළියට ආපු ජන්ග්කුක්ගෙ කටහඬ. හ්‍යුන්ග්ලා වටවෙලා හිටපු නිසා ජන්ග්කුක් ඇවිත් හිටපු අමුත්තව දැක්කෙ නෑ.

"කුකී?" මාස අටක් විතර එයා හැමතැනම හොයපු හුරතල් හා පැටියා එයා ඉස්සරහට ආවම ටේහ්‍යුන්ග්ගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ එයාට මුලු ලෝකෙම අමතක වෙලා යද්දි. අනිත් අතට ආත්මීය හුරුවක් තිබුණු ගැඹුරු කටහඬ ඇහෙද්දි ජන්ග්කුක්ගෙ හුස්මත් මොහොතකට නැවතුණා. ඒ වෙලේ තමයි එයා දැක්කෙ හ්‍යුන්ග්ලට පිටිපස්සෙන් හිටන් ඉන්න ටේහ්‍යුන්ග්ව. මොහොතකට එයා ඒ දකින්නෙ හීනයක්දෝ කියලා ජන්ග්කුක්ගෙ හිත ඇහුවා.

"හ්..හ්‍යුන්ග්??" ජන්ග්කුක්ගෙ වෙව්ලන තොල් අතරින් ඒ වචන පිටවෙද්දි ටේහ්‍යුන්ග් එහෙම්මම ඇවිත් ජන්ග්කුක්ව තුරුල් කරගත්තෙ අනිත් අයත් ඇස් ලොකු කරගෙන මේ සිදුවීම දිහා බලන් ඉද්දි. දවස් දෙකක් එකට ගතකරපු දෙන්නෙක් විතරක් උනත් ඒ දෙන්නගෙ හැසිරීමෙන් නම් පෙනුනේ ඒ දෙන්නා හුඟ කාලයක ඉඳන් අඳුරන දෙන්නෙක් කියලා.

"මං ඔයාව හැමතැනම හෙව්වා petal.. ඔයා ඇයි මාව ඒ විදිහට දාලා ගියේ?" ජන්ග්කුක්ව තුරුල් කරගෙන ටේහ්‍යුන්ග් එහෙම අහද්දි ජන්ග්කුක් ගැහෙන හදවතින් ටේහ්‍යුන්ග් වටේට අත් දාලා එයාව වැළඳගත්තා.

"අ..පි දෙන්නා අතර මුකුත් තිබුණෙ නෑනෙ.. ඉතින් මං බයවුණා ඒ ගැන කතා කරන්න." ජන්ග්කුක් මුමුණද්දි ටේහ්‍යුන්ග් මුකුත් නොකියම ජන්ග්කුක්ව තව තවත් තුරුලට ගත්තා.

Reincarnation [Taekook] ✔️Where stories live. Discover now