Chapter 17

1.4K 278 18
                                    


Trigger warning : This chapter has a lot of homophobia.
__________________________________________________

"ගුකී!!!"

සිය පියාගෙ කෝපයෙන් රතුවී ගිය දෑස් දුටුසැනින් ගුකී බියෙන් වෙව්ලා ගියා. ටේ උනත් ඒ වෙලේ හිටියෙ ලොකු තිගැස්මකින්.
ඒත් ඉක්මනින්ම පසෙකින් තිබූ ඇඳ ඇතිරිල්ලකින් ගුකීව ආවරණය කරන්නට ඔහුට හැකිවුණා.

නමුත් දැන් ඉන් පලක් තිබේද? ඔවුන් දෙදෙනා අතර සිදුවූ දෙය දැනටමත් ගුකීගෙ පියා සිය දෑසින්ම දැක අවසන්.

"අප්පා.." ගුකී සිය පියාණන්ගේ දෙපාමුල ඇද වැටුණත් ඔහු ගුකීට පා පහරක් එල්ල කරත්ම පිටුපසට විසිවී ගිය ගුකීව ටේ ඉක්මනින්ම සිය දෑත් අතරට ගත්තා.

"සර්.. මට සමාවෙන්න. ගුකී නෙවෙයි වැරදි. මායි මේ හැමදේටම වග කියන්න ඕනෙ."

"ඔව්.. මං දන්නවා ඒක. උඹ තමයි මගෙ කොල්ලගෙ ඔලුව නරක් කරේ... සහායක අණදෙන නිළධාරි ටෙවන් කාල්ටන්. උඹේ නිළ ඇඳුම දැකපු වෙලේ උඹ මැරුණෙ නෑ කියලා මං දැනගත්තා. හැබැයි ඒක අපේ ගෙදරට ආවෙ කොහොමද කියලා මං දැනන් හිටියෙ නෑ. ඒ සැකේ නිසා තමයි මං ආයෙමත් ආපහු ආවෙ. දැන් මං දන්නවා උනු සේරම. උඹ මගෙ ළමය රවට්ට ගෙන උඹේ අමාරුකම් වලට මගෙ කොල්ලා පාවිච්චි කරා. දැන් උඹ මැරෙන්න ලෑස්ති වෙයන්."

"අනේ අප්පා.. හ්‍යුන්ග්.. හ්‍යුන්ග්.. එහෙම කරේ නෑ. හ්‍යුන්ග් මට ආදරෙයි.. මාත් හ්‍යුන්ග්ට ගොඩක් ආදරෙයි. අනේ අප්පා හ්‍යුන්ග්ට මුකුත් කරන්න එපා." ගුකී හොඳටම අඬන්න පටන් ගත්තා.

"ආදරෙයි?? හහ් හා.. උඹ එහෙනම් සමලිංගිකයෙක්.. මගෙ කොල්ලටත් උඹේ ලෙඩේ බෝ කරලා. උඹලා වගේ පො***යො මරලා දාන්නමයි ඕනෙ. ගුකී උඹටත් මූ එක්ක මැරෙන්න ඕනෙ නම් උඹ මූගෙ පැත්ත ගනින්. නැත්නම් මං කියන දේ අහලා කටවහන් ඉඳපන්. උඹ මගෙ පුතා නූනනම් මං උඹවත් ඌ එක්කම වළ පල්ලට යවනවා. ඒත් උඹත් මූ වගේම මානසික රෝගියෙක් කියලා කට්ටිය දැන ගත්තොත් මගෙ නම්බුව විනාසයි.. අන්න ඒ නිසා උඹ බේරුනා කියලා හිතාගනින්."

අප්පාගෙ කුරිරු වචන වලට ගුකීගෙ අහිංසක හිත කෑලි කෑලි වලට කැඩිලා ගියා. ටේගෙ හිත හුඟක් රිදුණා. මල් පෙත්තක් වගේ හුරුබුහුටි කොල්ලගෙ ඇස් වලින් වැටෙන කඳුලු බිංදුවක් ගානෙම ටේගෙ හිත වේදනා දුන්නා. ඒත් ඒ මොහෙතේ එයත් අසරණයි.

Reincarnation [Taekook] ✔️Where stories live. Discover now