Chapter 38

1.4K 283 19
                                    

ජන්ග්කුක්ට පහුවෙනිදා උදෙන්ම නැගිට්ටුනා. එයා නැගිටිද්දිම තද ඔලුව රිදිල්ලක් එක්ක යටිබඩෙන් වේදනාවක් දැනෙද්දි ඊයෙ උනු හැමදෙයක්ම ජන්ග්කුක්ට එක පෙලට මතක් වෙන්න ගත්තා. ඒත් එක්කම එයාගෙ කම්මුල් රත්වෙලා ගියේ එයා ගැනම ලැජ්ජාවක් දැනෙද්දි. එයා හිමීට එහාපැත්තට හැරුනම දැක්කෙ බාගෙට ඇරුනු ඇස් එක්ක පොඩි එකෙක් වගේ නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ග්ව. ජන්ග්කුක් පුළුවන් තරම් හිමීට සද්දයක් ඇහෙන්නෙ නැතිවෙන විදිහට නැගිටලා බිම වැටිලා තිබුණු එයාගෙ ඇඳුම් ටික ඇඳගෙන ෆෝන් එක අතට අරන් එයාගෙ බොඩිගාඩ්ට මැසේජ් එකක් දැම්මා පුළුවන් ඉක්මනට එයාව ගන්න එන්න කියලා.
ඊටපස්සෙ ටේහ්‍යුන්ග්ගෙ කාමරේ තිබුණු කණ්නාඩි මේසෙ පොඩි ලාච්චුවක් ඇරලා ජන්ග්කුක් ointment එකකුයි pain killers දෙකකුයි අරන් painkillers දෙක එහෙම්මම කටට දාගෙන mini table එක උඩ තිබුණු වතුර වීදුරුවෙන් උගුරක් බිව්වා.

Ointment එක අරන් ඇඳෙන් ඉඳගත්තු ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ අත්දෙක අරන් රතුවෙලා තිබුණු මැණික්කටුව උඩ බෙහෙත් එක තවරලා හිමීට පිරිමැද්දෙ ටේහ්‍යුන්ග්ව ඇහැරෙන්නෙ නැතිවෙන්න.
ඒත් එක්කම වගේ එයාට වාහනයක සද්දයක් ඇහුණු නිසා ජන්ග්කුක් ඇඳෙන් නැගිටලා ටේහ්‍යුන්ග් ළඟට හිමින් පාත්වෙලා ඒ නළල සියුම්ව සිපගෙන එහෙම්මම හැරිලා කාමරෙන් එළියට ගියෙ ඇවිදිනකොට දැනෙන වේදනාව අමාරුවෙන් උනත් දරාගෙන.

පැය දෙක තුනකට පස්සෙ ජන්ග්කුක් එයාගෙ හොටෙල් එකට ඇවිත් කෙලින්ම ගියෙ නම්ජුන් හම්බවෙන්න. එයා යද්දි හැමෝම නම්ජුන්ගෙ කාමරේ හිටිය නිසා ජන්ග්කුක්ට තවත් ලැජ්ජා හිතුනා. අවුල් උනු හිසකෙස් බෙල්ල පුරා තියෙන රතු පැල්ලම් එක්ක ජන්ග්කුක් ඇවිදන් ආපු විදිහෙන් කලින් රෑ මොකද උනේ කියලා හ්‍යුන්ග්ලා හැමෝටම තේරුම් ගන්න අමාරුවක් උනේ නෑ.

"හ්‍යුන්ග්... ම..මට ආ..පහු යන්නෝනෙ?" ජන්ග්කුක් වෙව්ලන කටහඬකින් කියද්දි අනිත් හැමෝම කලබල උනා.

"මොකද උනේ කුක්??" හොබී ඉක්මනට ඇවිත් ජන්ග්කුක් ළඟින් හිටගත්තා.

"ප්ලීස්.. මං පස්සෙ කියන්නම්.. මට මේ දැන්ම ආපහු කොරියා යන්නෝනෙ. ප්ලීස් හ්‍යුන්ග්.." ජන්ග්කුක් කියද්දි නම්ජුන් ඔලුව වැනුවා.

Reincarnation [Taekook] ✔️Where stories live. Discover now