Chapter 24

1.6K 302 22
                                    

ටේහ්‍යුන්ග්ට ජන්ග්කුක් එක්ක එක රූම් එකක් share කරගන්න ඕනෙ උනත් නම්ජුන් ඒකට ඉඩදුන්නෙ නැත්තෙ හැමදේම ගැන හිතන්න ඕනෙ උනු නිසා.
හොලිවුඩ් වල නැගී එන නළුවෙක් උනු ටේහ්‍යුන්ග් ලෝක ප්‍රසිද්ධ boy band එකක ගායකයෙක් එක්ක එකම රූම් එකේ ඉන්නවා කවුරුහරි දැකලා ඒ ගැන කටකතාවක් ගියොත් ඒක ජන්ග්කුක්ගෙ වගේම ටේහ්‍යුන්ග්ගෙ නමටත් හොඳ නෑ කියලා නම්ජුන්ට තේරුණා.

ඉතින් අන්තිමේදි ඩ්‍රේක් ටේහ්‍යුන්ග් දෙන්නට එක රූම් එක්කුත්, නම්ජුන් ජින් දෙන්නා එක රූම් එකකුත්, සුගා හොබි දෙන්නට තව රූම් එකකුත්, ජිමින් ජන්ග්කුක් දෙන්නට එක රූම් එකකුත් වෙන විදිහට කට්ටිය රූම් බෙදාගත්තා.

"අපි  දැන් කොහෙන්ද පටන් ගන්නෙ?" ඩ්‍රේක් ඇහුවෙ වෑන් එකට නගින ගමන්.

"Gloucester memorial එක ළඟින්.." නම්ජුන් උත්තර දෙද්දි ටේහ්‍යුන්ග් එයා දිහාට හැරුණේ ප්‍රශ්නාර්ථ සහගතව. ඒක තේරුම් ගත්තු සුගා ස්මාරකය ගැන එයාට පැහැදිලි කරලා දෙන්න හිතුවා.

"Gloucester memorial එක කියන්නෙ බ්‍රිතාන්‍ය හා දකුණු කොරියානු සන්නද්ධ හමුදා ඒකක වලින් හැදිලා තිබුණු Gloucestershire රෙජිමේන්තුව සහ C භට කාණ්ඩය, 170 වෙනි මෝටාර් බැටරි හා රාජකීය කාලතුවක්කු කණ්ඩායම් අනුස්මරණය වෙනුවෙන් ඉදි කරපු ස්මාරකයක්. ඉතින් ටෙවන් කාල්ටන් කියන්නෙ ඒ කණ්ඩායමට අයිති උනු කෙනෙක් නිසා අපි එහෙට ගිහින් බැලුවොත් මොකක්මහරි දෙයක් අපිට හිතාගන්න පුළුවන් වෙයි."

"හ්ම්ම්.. ඒකත් ඇත්ත තමයි. හරි එහෙනම් ගිහින්ම බලමුකෝ."

කට්ටිය පැයක් විතර යද්දි gloucester memorial එක ළඟට ආවා. සෙනඟ ගැවසෙන ස්ථානයක් උනු නිසා කට්ටියම මාස්ක් දාගෙනයි හිටියෙ.

විශාල මූර්තියක් සහිත ස්මාරක උද්‍යානයක්, ඉම්ජින් ගඟෙන් ඈත මුර සංචාරයේ යෙදෙන  gloucester සොල්දාදුවන් කණ්ඩායමක ජීව ප්‍රමාණයේ පිළිම සහ ස්මාරක පවුරකින් gloucester memorial එක සමන්විත වෙලා තිබුණා.

මුළු උද්‍යානය පුරාම ඇවිදලා බලපු කට්ටිය memorial එක ගැන කියලා දෙන්න හිටපු guide කෙනෙක්ගෙනුත් වැඩිදුර විස්තර අහගත්තා. හැබැයි ස්මාරක පවුරෙ සටහන් වෙලා තිබුණු ටෙවන් කාල්ටන් කියන නම ඇරුනම වෙන කිසිම දෙයක් එයාලට හොයාගන්න බැරිවුණා.

Reincarnation [Taekook] ✔️Where stories live. Discover now