Episode 05

110 30 59
                                    







Jimin's pov

මම ගොනා වගේ අර කෙල්ල sofa එකේ ඉද්දි kiss කරන්න හැදුවම හොද වෙලාවට ඒ කෙල්ලට කෝල් එකක් ආවා... මටත් මැන්ටල් අවුට් යනවනෙ හිටපු ගමන්...  Heshani call එක answer කරන නිසා එයා එක්ක පස්සෙ කතාකරනවා කියලා හිතලා මම මගෙ බෑග් එක අරන් යන්න හැදුවා... කාමරේ දොර ඇරිය ගමන් එයා මගෙ නම කියලා මට කතා කලා...
ෙඉඔ
"Jimin..."

"Ah?"

" මම... අද... මෙහෙන් යනවා..."

එයා මොකද්ද ඒකෙන් අදහස් කරන්නෙ?

එයාගෙ trip එක ඉවරද?

ඒ කියන්නෙ අපි ආයෙ හම්බෙන්නෙ නැද්ද?

"මේ.. මම අදහස් කලේ මම අද ගෙදර යනවා කියලා... ඔයා පරිස්සමෙන් vacation එක enjoy කරලා යන්න එහෙනම්-"

Wtf? බෑ මට එයාට එහෙම ලේසියෙන් අතවනලා bye කියලා යන්න බෑ...

මට කියන්න තේරෙන්නෙ නෑ එවෙලාවෙ මොකද්ද මගෙ හිතට ආපු feeling එක කියලා... මට එයාට මතක තියෙන විදිහට එයාට සමුදීලා යන්න ඕනෙ...

මම එකපාරටම දොර වහගෙන ආයෙම හැරිලා අතේ තිබ්බ බෑග් එකත් බිම දාලා ගියපු වේගෙන්ම එයාව ඇදලා මගෙ ලගට අරගෙන එයාව kiss කරන්න ගත්තා...

මම මේ කරන්නෙ වැරැද්දක් ද?

නෑ...

එයා ආපස්සට මාව kiss කරන්න ගත්තා එයාගෙ අත් වලින් මාව බදාගන්න ගමන්ම...

මට ලොකු සතුටක් දැනුනා...

මම හිමින් හිමින් එයාව kiss කරන එක නවත්තලා එයාගෙ මූණ දිහා බැලුවා...

එයාගෙ ඇස් වල කදුලු... මම මගෙ ඇගිලි වලින් එයාගෙ ඇස් වල කදුලු පිහිදැම්මා...

මට එයාව ආයෙ එක්කන් යන්න පුලුවන් නම්?

හැමදාටම එයාව මගේ කරගන්න පුලුවන් නම්?

අපි දෙන්නා මුණගැහුන පැයගානට මම මොනවද මේ හිතන්නෙ?

මේ කෙල්ල මට මොන වගේ වශියක් කරලද මන්දා...

මොනදේ උනත්... මට අනිවාරෙන් එයාව දාලා යන්න වෙනවා...

මොකද මම ලෝකප්‍රසිද්ද idol කෙනෙක් කියන එක මට අමතක කරන්න බෑ...

Vacation Where stories live. Discover now