One week later(The day before Heshani's wedding day)
Hwani's pov
මම office එකේ වැඩ ටික ඉක්මනට ඉක්මනට ඉවර කලරා heshani ලගෙ ගෙදර යන්න ලෑස්ති වෙන්නෙ... මොකද හෙට එයාගෙ wedding එක... ඒත් එයා නම් එයාගෙ මළගේ වගේ අඩ අඩ ඉන්නෙ...
Jiminව නැතුව වෙන කෙනෙක් බදින්න උනාම ඉතින් එයා එහෙම හැසිරෙන එක සාමන්‍ය දෙයක්...
එයා jimin වෙනුවෙන් බලන් ඉන්න පොරොන්දු උන එක ඇත්ත...
ඒත් මොන දේ උනත් අපි අපේ අම්මලගෙ කැමැත්ත ගැනත් හිතන්න එපැයි...
එයාට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැති නිසා තමයි මේකට කැමති වෙලා ඉන්නෙ... කැමති වෙලා ඉන්නෙ කිව්වට කොයිවෙලේ හරි පැනලා යන සීන් එකේ ඉන්නෙ...
ඒත් ඇත්තටම අම්මලගෙ පැත්තෙන් බැලුවොත් මොන අම්මද කැමති තමන්ගෙ දුව ගෙදරට නාකි වෙනවට?
හැබැයි thank god අපේ අම්මට නම් තාම මම ගෙදරට නාකි වෙනවා කියන එක එච්චර තේරෙන්නෙ නෑ...
" hwani මිස්... ඔයාව හම්බෙන්න client කෙනෙක් ඇවිත්..."
"අනේ මම දැන් යන්න හදන්නෙ... එයාට පස්සෙ වෙලාවක එන්න කියන්න... තව පරක්කු වෙන්න බෑ මට"
"ඒත් මිස්... මම හිතන්නෙ එයා මෙහෙ කෙනෙක් නෙවේ වෙන රකට කෙනෙක්... "
"මෙහෙ උනත් කොහෙ උනත් මේ වෙලාවෙ මට වෙලා නෑ... එයාට පස්සෙ එන්න කියන්න... නැත්තන් මෙතන ඉන්න වෙන designer කෙනෙක් හම්බෙන්න කියන්න... මම යනවා... "
මට පණිවිඩේ දෙන්න ආපු කෙනාට එහෙම කියාගෙන මම එහෙන් පිටත් උනා... ඉක්මනට taxi එකක් අරන් ගෙදරට ගිහින් මගෙ ඇදුම් බෑග් එකත් අරන් අපේ අම්මලටත් බායි කියලා heshaniලගෙ ගෙදරට යන්න පිටත් උනා...
Taxi වල ඔච්චර දුර යන්න කාටද සල්ලි තියෙන්නෙ... Bus එකේ යන්න ඔනෙ... මම මීට කලින් එක සැරයක් දෙසරයක් එයාලගෙ ගෙදර ගිහින් තියෙන නිසා යන්න ඕන විදිහ මම දන්නවා...
Bus එක ගන්න town එකට යන්න taxi එකක් නතර කරගන්න ඕනෙ කියලා හිතපු මම ඉස්සරහට එන හැම taxi එකකටම අත දැම්මා...
YOU ARE READING
Vacation
Fanfiction[completed] ~ The way I met him, the days I spent with him and the moment he told me he love me were like a DREAM I could NEVER go back to...🍂🥀 සමහර මතක තියෙනවා ඒවා හීන වගේ... අපිට ආයෙම ඒවට යන්නත් බෑ... ආයෙම ඒවා අපේ ජීවිතේට එන්නෙත් නෑ... මට එයත්...