Episode 06

103 28 78
                                    



"jimin... මම කිව්වනෙ ඔයාට ඕකෙ නිදාගන්න බෑ කියලා... ඔයා එන්න මෙතනට මම-"
නිදාගන්නම් බිම කියලා මට වාක්‍ය ඉවර කරන්න හම්බුනේ නෑ...

එකපාරටම jimin නැගිටලා මාව එහාට කරලා මගෙ එහාපැත්තෙන් අර sofa එකේම හාන්සි උනා...

Wtf?

මෙයා මොකද්ද මේ කරන්නෙ?

මම ශොක් වෙලා වගේ බලාගෙන ඉද්දි එයා මගෙ පැත්ත හැරිලා මගෙ ඇග උඩින් එයාගෙ අතත් දාගෙන එයාගෙ ඇස් දෙක පියාගත්තා..

"ඒහ්-"

" shush... මට නිදිමතයි"

" කවුරුහරි දකී..."

මම හීනී කටහඩකින් එහෙම කිව්වම jimin ඇස් ඇරලා මම දිහා බැලුවා... ඒ බැල්මට මාව කොච්චර froze උනාද කිව්වොත් මාව කුඩුවෙලා ගියා වගේ දැණුනා...

" ඔයානෙ ඉතින් එන්න කිව්වෙ මෙතෙන්ට..."

"මම කියන්න ගියෙ ඔයාට මෙතනට එන්න මම බිම නිදාගන්නම් කියලා... "

"අපි දෙන්නටම මේකෙ නිදාගන්න පුලුවන්කම තියෙද්දි ඇයි නිකන් එක්කෙනෙක් බිම නිදාගන්නෙ?"

" දෙන්නටම නිදාගන්න ඉඩක් කොහෙද මේකෙ? අනික කවුරුහරි දැක්කොත්... "

"අයිනට වෙන්න මම යන්නම් බිමට"

මම එහෙම කියලා jimin මගෙ ඇග උඩට දාගෙන හිටපු අත එහාට කරලා එතනින් නැගිට්ටා... Jimin මුකුත් නොකියා මම sofa එකෙන් බැහැලා ගිහින් බිම හාන්සි වෙනකන් බලන් හිටියා...

" මම මෙතන නිදාගත්තට ඇත්තටම කමක් නැද්ද? "

"කමක් නෑ jimin... Good night"

" Good night heshani"

Jimin ගෙ ඒ කටහඩිත් එක්ක මම මගේ ඇස් දෙක පියාගත්තා විතරයි මට මතක මට හොදටම නින්ද ගියා...


Next day morning

මම ඇස් දෙක ඇරලා නිදිමරාගාතෙම නිදාගෙන හිටපු තැන බිම ඉදගත්තා...

කෝ මේ jimin?

එයා sofa එකේ හිටියෙ නෑ... මම නැගිටලා ඇස්වල කබකඩන ගමන් පොඩ්ඩක් වටපිට බල බල අපි හිටපු බංගලාවෙ දොර ලගට ගියා...

"Good morning"

මගෙ පිටිපස්සෙන් ඇහුන ඒ කටහඩ නිසා මම හැරිලා බැලුවම මම දැක්කෙ තේ කොප්පයක් අතේ තියන් messy hair එකක් එක්ක ඉන්න jiminව...

Vacation Where stories live. Discover now