Episode 07

89 28 36
                                    





" I love you heshani...."





හීනයක් right?

මට ඇහුනෙ වැරදියට right?

මම ඉක්මනට jiminගෙ උරහිසින් මගෙ ඔලුව අරගත්තා...

"අහ් අපි ඇවිත්"- නේ කියලා මට ඉවර කරන්න හම්බුනේ නෑ... Jimin එකපාරටම මාව එයාගෙ පැත්තට ආයෙම ඇදලා අරගෙන එයාගෙ mask එක එකපාරටම ගලවලා මට කිසිම දෙයක් හිතන්න වෙලාව ඉතුරු නොකර මාව kiss කරන්න ගත්තා...

අපි මේ මුණගැහුන දවස් කීපයට අපි අතර ඇති උන සම්බන්දෙ දුර දිග ගියා හොදටම වැඩී...

මේක මෙතනින් නවත්තන්න ඕනෙ...

ටිකකින් එයා මාව kiss කරන එක නවත්තලා මගෙ මූණ දිහා බැලුවා...

" I love-"

"Jimin මට පරක්කු වෙනවා... "

ඔව් මට පරක්කු වෙනවා මොකද මට පොල්ගස් නගින්න යන්න තියෙවනෙ...

මම එතනින් නැගිට්ටා...

මේ වෙලාවෙ හදවත නැතුව මොලේ කියන දේ කරන්න ඕනෙ...

එයා idol එකෙන් එහෙම නැතුව සාමන්‍ය කෙනෙක් නෙවේ... මම එයාට කොහොමත් ආදරෙයි... එයා මට ආදරේ කලත් නැතත් අපිට ඒ හැගීම් එකිනෙකාට කියාගෙන ආදරෙන් ඉන්න බෑ...

එයා කවුද එයයි එයාගෙ grp එකයි දැන් ඉන්නෙ කොහෙද එයාලට තව දුර ගමනක් යන්න පුලුවන් කියලා මම හොදටම දන්නවා... මට බෑ ඒ ගමනට වල කපන කෙනා වෙන්න...

" jimin ඔය mask එක දාගන්න කවුරුහරි දකී... එතකොට mr.Han jimin එක්කපරිස්සමෙන් ආයෙම korea වලට යන්න... මම යනවා එහෙනම්"

මම එහෙම කියලා මගෙ බෑග් ටික අරගෙන එතනින් යන්න හදද්දි jimin මගෙ අතින් අල්ලලා මාව නතර කලා...

" wait for me... Pls... මම අනිවාරෙන් දවසක ආයෙම ඔයාව හොයන් එනවා... මම පොරොන්දු වෙනවා..."

Jimin එහෙම කියන ගමන් නැගිටලා මගෙ පිටිපස්සෙන් හිටගෙන එයාගෙ අතක් මගෙ බෙල්ල වටෙන් කරකවලා ගත්තා...

මොකද්ද එයා කරන්නෙ?

මම ගල් ගැහිලා වගේ හිටගෙන ඉද්දි මට තේරුණා පොඩි මාලයක් වගේ එකක් එයා මගෙ බෙල්ලෙ බදිනවා කියලා...

Vacation Where stories live. Discover now