Part 12

106 16 9
                                    

ආහාර ගැනීම අවසන් වී සියලුදෙනා පිටව යාමට පෙර සුහද කතාබහක යෙදී එකිනෙකාට සමුදෙන්නට විය.

*ජුන් ජේ:-*   Hi විහගි...🤝 අපිට කලින් කතාකරන්නත් බැරි වුනානේ. අපි ඉතින්..ඔයාව දැනගත්තෙ අද ඊයෙ වුනාට....ඔයාට මාව අදුන්වලා දෙන්න දෙයක් නෑනෙ නෙහ්...ඔයා මාව දන්නවනෙ නේද කොහොමත් ..😏

රංගන ශිල්පියෙකු ලෙස ජුන් ජේගෙ රංගනයන්ට විහගි ප්‍රිය කළත් මනුෂ්‍යකු ලෙස ඔහුගේ මේ උඩගු හැසිරීමට විහගි කවදත් ප්‍රිය කලේ නැත.

*විහගි:-* ඔව් මිස්ටර් ජුන් ජේ. මං ඔයාව දන්නවා.😊 ඔයාගෙ රගපෑම්වලට මං ගොඩක් කැමතියි. ඇත්තටම මේ විදියට කතා කරන්න ලැබුණු එක මට ලොකු සතුටක්.

*ජුන් ජේ:-*  අනිවාරෙන්... අනිවාරෙන්..එහෙම වෙන්න එපැයි....

මේ අතර තවත් කිහිපදෙනෙකු හා කතාකරමින් සිටින V වෙත යන සුකී...

*සුකී:-* Excuse me V 🖐️ ඉතින් කොහොමද..?

මෙවර නම් V ට ඇයව මගහරින්නට නොහැකි විය. V හා කතාකරමින් සිටි අනෙක් අයද ඔවුන්ට ඉඩ දී එතැනින් පිටව ගිය නිසාවෙන් V ට ඇය හා කතාකරන්නටම විය.

*V:-* හොදින් ඉන්නවා මිස් සුකී. ඔයාට කොහොමද?

*සුකී:-* මාත් ගොඩාක් හොදින් අනේ..අද ඔයාව දැක්කට පස්සෙ තවත් හොදින්.

*V:-* අහ්..මේ එහෙනම් මිස් සුකී මං යන්නම්. අද ටිකක් වැඩ වැඩියි. හවසට අපේ අලුත් සිංදුවෙ වැඩවගයක් තියෙනවා.

*සුකී:-*  අයියෝ ඔයා දැන්ම යනවද..☹️ මං හිතන් හිටියෙ ඔයත් එක්ක කොෆී එකක් බොන්න යන්න.

*V:-* අනේ බෑ. මට හොදටම පරක්කුයි මං යන්නම්.

එසේ කියූ V  ඇයට ආචාර කොට එතැනින් ඉක්මනින් නික්ම යන්නට විය.  විහගිව හමුවී ඇය හා කතා කොට ඇයට සුබ පැතීමට අවැසි වුවත් තවත් මෙතැන රැදුනහොත් සුකීගේ හැසිරීම නිසාවෙන් නිසැකවම හෙට උදෑසන වන විට තමා හා සුකීගේ නම් ඈදමින් කටකතා ඇතිවන බව දන්නා නිසාවෙන් V අකමැත්තෙන් වුවත් විහගිට කතා කිරීමේ වුවමනාව යටපත් කරගෙන එතැනින් නික්ම යන්නට විය.

ජුන් ජේගේ ආඩම්බරකාර පුරාජේරුව අසා සිටින්නට වූ විහගි ද යාන්තම් එතැනින් ගැලවී පිටවයෑමට සූදානම් විය. එහෙත් ඇගේ දෙනෙත් සිව් දෙසම එක් රුවක් සොයන්නට විය. එහෙත් ඒ රුව පේන මානයේ නොවීය. ඇගේ සිතට යම් දුකක් දැනුනේ කිසිදාක හැබැහින් දකින්න හෝ ලැබේදැයි නොදැන සිටි තමාගේ සිහිනවල සැරිසැරූ ඒ රුව අද මෙතරම් ලගින් දක්නට ලැබුණත් ඔහු හා එකදු වචනයක් හෝ කතාකිරීමට නොහැකි වීම ගැනයි. එහෙත් ඊලඟ දිනයේදී නිසැකවම ඔහු හා කතා කිරීමට සිතාගත් ඇය පිටවයෑම සදහා මින්වා හා තම කළමණාකාරිත්වය සමග එම ශාලාවෙන් පිටතට එන්නට විය.

ඔවුන්ගේ වාහන නවතා තිබුනේ මදක් ඈතින් පිහිටි රථහාලේය. විහගි ගමන් කරන අතරවාරයේ ද සිටියේ බලවත් කල්පනාවකය. එනිසා මින්වා හෝ ඇගේ කළමනාකාරවරයා ඇතුලු කිසිවෙක් ඇයට බාදා නොකර ඇය පසුපසින් යන්නට විය. ඇය ඒ සා කල්පනාකරමින් පැමිණියේ ද අද දිනයේ දී පුදුම සහගත ලෙසින් V ව මුණගැසීම බ
පිළිබදවයි. එහෙත් එක්වරම අවදානයෙන් ගමන් නොකල නිසාත්, මාර්ගයේ තිබුණු තෙත
ගතිය නිසාවෙනුත් විහගි පය පැටලී වැටෙන්නට
ගියා ය. සියල්ලෝම කලබල විය. එහෙත් කොහේදෝ සිට පැමිණි ශක්තිමත් බාහුවක් ඇගේ බදවටා ගොස් ඇයව වැටෙන්නට නොදී  අල්ලා ගත්තේ ය.
වේගවත් වූ හදගැස්මත් සමග විහගි මදකට සැනසුම් සුසුමක් හෙලන ලද්දේ තමා බිම නොවැටී බේරුණු නිසාවෙනි. ඉන්පසු ඇය ක්ෂණිකව බැලුවේ තමාව වැටෙන්නට නොදී බේරාගත් පුද්ගලයා දෙසයි.
ඔහු... ඒ ඔහුයි. මදකට පෙර ඇගේ ඇස් සිව් දෙසම සෙවූ ඒ රුව.  ඒ V විය. විහගිට ප්‍රථම පිටවයෑම සදහා එළියට පැමිණියද තවත් කතාබහ කිහිපයකට යොමු වීමට සිදුවූ නිසාවෙන් V ගෙ පිටව යෑම ප්‍රමාද විය. ඉන්පසු පිටවයෑමට සූදානම් වී අනෙක් පසට හැරෙන විටදී ඔහු දුටුවේ  රථගාල වෙත යන විහගි ඇතුළු පිරිසවයි. එනිසා ඔහුත් තමන්ගේ ආරක්ෂකයින් සමග ඉක්මනින් ඔවුන් පසුපස ගමන් කලේ අවසානයේ හෝ විහගි හා කතාකරන්නට හැකි වේයැයි සිතමිනි. එහෙත් ඔහු විහගි දෙසට ලංවන විටම ඇය පය පැටලී වැටෙන්නට ගියාය. ඉතින් ක්ෂණිකව ඔහු ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ එනිසාය.

හී...හී😁😁 අපිට එහෙම පය පැටලිලා වැටෙන්න ගියොත් අල්ලගන්න කවුරුත් එනවා කෙසේ වෙතත් මූණ බිම ඇනිලා හොදටම තුවාල වෙනවා ෂුවර් 🤷‍♀

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now