Part 25

91 15 8
                                    

මුලු හවස් යාමයේ මෙන් ම රාත්‍රී කාලයේදිත් BTS සාමාජිකයන් සියලුදෙනා නොකඩවා පුහුණුවීම් සිදුකළේ ඔවුන් විසින් කණ්ඩායමක් වශයෙන් සිදු කරන අවසන් concerts කිහිපයෙන් එකක් ලෙස අනිද්දා දින සිදු කරන concert එකේදී තම රසිකයන්ට තමන්ගේ උපරිමය ලබාදීමට ය. ඔවුන් කවදවත් එසේය. මේ සා විශාල රසික සමූහයක් ඔවුන් හා එක් වී තිබෙන්නේ ඒ නිසා ය.

පසුදා උදෑසන සිටත් concert එක වෙනුවෙන් නොයෙකුත් කටයුතු සදහා ඔවුන් කාර්‍යබහුල වූ අතර දවසේ වැඩි කාලයක් BTS සාමාජිකයන් සියලුදෙනා හෙට දිනයේ දී concert එක පවත්වන ස්ථානයේ දී පෙර පුහුණුවීම් සිදු කරන ලදි.

*විහගිගේ නවාතැන*❤️💫

ඊයේ සිට V හට දුරකථන ඇමතුමක් ලබාදීමට සිතුනත් ඔහු අධික වැඩ හමුවේ කාර්‍යබහුල ඇතියැයි සිතා විහගි ඒ අදහස යටපත් කරගත්තා ය.

*මින්වා:-* හෙට දවස ගැනද මිස් කල්පනා කරන්නෙ...?

*විහගි:-* අහ්...ඒකත් එක කාරණාවක් තමයි මින්වා. ඇත්තටම ඉක්මනට හෙට වෙනවනම් නේද...🙈

*මින්වා:-* අපි අද දවස කොහොමහරි ඉවසන් ඉමු මිස්.

ඒත් සමගම විහගිගේ දුරකථනය නාද විය. එහි දුරකථන තිරයේ දිස් වූ නම දුටු විට විහගිට ඇගේ සතුට දරාගැනීමට නොහැකි විය.

*විහගි:-* මේ...මින්වා පොඩ්ඩක් ඉන්න..මං කෝල් එක ආන්සර් කරලා එන්නම්.

*මින්වා:-* හරි මිස්.

එසේ කියා විහගි එතැනින් නික්ම තම කාමරයට ගියාය. හොද හුස්මක් ගෙන විහගි දුරකථනය ආන්සර් කළේ වේගයෙන් ගැහෙන ඇගේ හදවතට සන්සුන් කරගනිමිනි.

*විහගි:-* Hello...

*V:-* Hello..විහගි, විහගි මං V.

*විහගි:-* මං දන්නවා ඔයාට කොහොමද V? ඉතින්...දැන් හැමදේම ලෑස්තිද හෙටට?

*V:-* මං හොදින් විහගි. හ්ම්ම්...හැමදේම ලෑස්තියි. සොරි මං ඊයේ කෝල් එකක් ගන්න හිටියට මේ වැඩත් බැරිවුණා. අපි හවස ඉදන් පාන්දර විතර 3 වෙනකන් පුහුණුවීම් කළා. ඉතින් ඒ වෙලාවට ඔයා නිදිනෙ. ඒ නිසා මං කරදර කළේ නැහැ.

*විහගි:-* අනේ ඒක හිතන්න එපා V. මං තරහා වෙන්නෙ නෑ කියලා ඔයා දන්නවනෙ. ඔයාලාගෙ concert එකේ වැඩ ටික තමයි මූලික වෙන්න ඕනෙ. ඒත් මට දුකයි.. ඔයාලා ගොඩාක් මහන්සි වෙනවනෙ.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now