ඒ විහගි, ජුන් ජේ හා සුකී යි.
ජුන් ජේ සිටියේ තමා V යනුවෙන් නමක් කිසි දා අසා නැති ලෙසය. ඒ ඔහුටම මේතෙකැයි කියා තේරුම් බේරුම් කරගැනීමට නොහැකි වූ කුමක්දෝ අපහැදිලි හැගීමක් විසින් ඔහුගේ සිතෙහි V පිලිබදව අකමැත්තක් ඇති කර වූ නිසාවෙනි. අවංකකම බැලුවහොත් ඒ ඉරිසියාව පිරි හැගීමකි.අනෙක් පුද්ගලයා නම් සුකීය. ජුන් ජේ මෙන්ම මෙහෙ අනෙක් උප ප්‍රදාන චරිතයට පණ පොවන ඇය නම් සිටියේ වශී වූවා සේය. කිමද V යනු ඇයගේද සිහින කුමාරයාය. මීට පෙර BTS කණ්ඩායම දුටු සෑම අවස්ථාවකම ඇය V හා සංවාදයට උනන්දුවක් දැක් වූ නමුත් V ඊට ඈට ඉඩක් නොදුන්නේ ය. ඉතින් මෙම ටෙලිනාට්‍යය තමාට ලැබුණු නිදානයක් යන හැගීමක් ඇයට දැනෙන්නට විය.
ඊලගට විහගිය...V දුටු මොහොතේ සිට ඇයට සිතෙන්නට වූයේ මෙතෙක් සිදු වූ සියල්ලම තමා දුටු සිහිනයක් කියාය. පුදුමයත්, අප්‍රමාණ සතුටත් මුසු වූ හැගීම් සමුදායක් ඇයව හැගීම්බර කළා ය. ඇය සතුට වැඩිකමට ආ හැඩුම් වාවාගත්තේ එලෙස හැඩීම අන් අය කෙලෙස බාරගනීදැයි වූ ලැජ්ජාව නිසාය.
මේ අතර මිස්ටර් පාර්ක් මියුන්ජි V ට විහගිව හදුන්වා දීමට V ත් සමගම ඇය අසලට පැමෙණියේ ය.
*පාර්ක් මියුන්ජි:-* මිස් විහගි...මං ඔයාට අපේ V ව අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනෙ නෑනේ...🤷♂ මං හිතනවා ඔයාලා දෙන්නා ටිකක් කතාබහ කරලා හදුනගත්තොත් හොදයි කියලා. මොකද ප්‍රදාන නලු නිලි යුවළ අතර හොද මිත්‍රත්වයක් තිබුනොත් තමා එයාලට සාර්ථකව තමන්ගෙ සහය ශිල්පියාටත් සහයෝගය ලබාදෙන ගමන් හොද රංගනයන් ඉදිරිපත් කරන්න පුලුවන්. එහෙනම් V, ඔයත් මෙතනින්ම ඉදගන්න. අපි තව විනාඩි කිහිපයකින් ඔයාලා හැමෝටම පිටපත කියවන්න දෙනවා. ඊට පස්සෙ අපි ඇග්රිමන්ට් අත්සන් කරලා නිළවශයෙන් ඩ්‍රාමා එකේ වැඩ පටන්ගමු.
මිස්ටර් පාර්ක් මියුන්ජි එසේ පවසා එතැනින් නික්ම මදක් පසෙකට ගියා.
මෙතෙක් වෙලා මිස්ටර් පාර්ක් මියුන්ජි දෙස බලා සිටි V ට ඉන්පසු ඉබේටම බැලුනේ විහගි දෙසයි. විහගි ද එක් ක්ෂනයකින් සිතට සවි ගෙන V දෙසට නෙත් යොමු කලේ සැමදා සිහිනෙන් තමා අභියසට පැමිණි තම සිහින කුමරුන් අද සැබෑවටම තමා ලග සිටින බව සනාථ කරගැනීමට මෙනි.
එකවිටම ඔවුනොවුන් දෙස බැලීම නිසාවෙන් ජීවිතයේ පළමු වරට තත්ත්පර කිහිපයකට ඒ සිව් නෙත් එකට හමු විය.♥️♥️
හි...හී...❤️ ආදර සීන් ලියලා පුරුදුත් නෑ අප්පා මට🤷♀ කොහොමහරි ඔයාලා වෙනුවෙන් ලියන්නම්කෝ..☺️☺️😌
එහෙනම් සරංහේ 💜💜 මගේ කතාව කියවනවට ගොඩාක් ස්තූතියි ඔයාලට❤️

YOU ARE READING
හත්දින්නත් තරු 💜🌟💫
Fiksi Penggemarඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫