Part 3

156 20 5
                                    

*විහගි:-* අම්මා...!! මේ මුලු ගේම සරසලා, ඔක්කොමලා ඇවිත්.  ඒත් ඇයි මේ suprice party ? අද මගෙ  birthday එක නෙවෙයිනේ🤷

*අම්මා:-* Birthday එක විතරද ලමයො සමරන්න ඕනෙ. ඔයා මුලු ලෝකෙම ඇගයීමට ලක්වුණු නිළියක්නෙ...අපි ඒක සමරන්නෙ නැද්ද..💜💜 

*විහගි:-* (ලැජ්ජාවෙන් සිනාසී ) ආහ්...ඒකද මේ...ඒත් ඔයාලා මාව හොදටම බයකලා හොදේ.  දන්නවනෙ මං කලුවරට බයයි කියලා🙄

*මිතුරියක්:-* ඒකටනම් ඔබතුමිය අපිට සමාවෙන්න ඕනෙ. ඒක ඉතින් ආන්ටිගෙ ප්ලෑන් එකක් නෙවෙයි...ඒක අපේ බුද්ධිමත් මොලෙන් ගහපු ප්ලෑන් එකක්...😌

*විහගි:-* මං දන්නවා ඉතින් ඔය වගේ මාරාන්තික වැඩක් මට කලොත් ඔයැයිලා තමයි කියලා.😬😬♥️

*අම්මා:-* හරි හරි..දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. අපි කේක් කපමු.

ඉතින් එදා විහගිට ලැබුණු ජාත්‍යන්තර ඇගයීම් වෙනුවෙන් සියලුදෙනා ම එකතු වෙලා ඇයට සප්‍රයිස් පාර්ටියක් දුන්නා. විහගි වගේම හැමෝම එදා ගොඩක් විනෝද වුනා.

පාර්ටියට ආ සියලුදෙනා පිටව ගිය පසු...

*අම්මා:-* දුව, මං ඔයාගෙන් අහන්න හිටියෙ. දැන් ඔයා මොකද කරන්නේ? ඔයාට පිටරටවලින් ආපු films,teledramas වල ආරාධනා බාරගන්නවද?

*විහගි:-*  අනේ මන්දා අම්මා මං කැමතියි ඒවා බාරබාරගන්න. මං බාරගත්තොත් බාරගන්නෙ ඉන්දියාවෙ ආරාධනාවල් තමයි.  ඒත්....

*අම්මා:-* ඇයි ඒත් කියන්නෙ..ඔයා එහෙම කිව්වට හිත නැවතිලා තියෙන්නෙ වෙන රටක කියලා මං දන්නවා.

*විහගි:-*  (සිනාසී) මට ඉතින් අම්මට හංගන්න දෙයක් නෑනේ.  මං ආසයි දකුණු කොරියාවෙන් ලැබුණු ආරාධනාව පිලිගන්න. ලංකාවේ ගැහැණු ළමයෙකුයි කොරියාවෙ පිරිමි ළමයෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක් තමයි ඒ ඩ්‍රාමා එකෙන් පෙන්නන්න හදන්නෙ. මං වෙනුවෙන්ම ලියපු පිටපතක්. ඒ නිසා රටවල් දෙකේ වර්ණ වෙනස ගැනත් ප්‍රශ්නයක් නෑනේ. අනික ඒ මගේ සිහින දේශය. ඔයා දන්නවනෙ.

*අම්මා:-* හ්ම්ම්. මං ඔයාට දෙයක් කියන්නම්. මොකක්ද දන්නවද...ඔයා තමයි මේ ගැන තීරණේ ගන්න ඕනෙ. මං ඕනෙම තීරනේකට ඔයත් එක්ක ඉන්නවා. මොකද දන්නවද...නැත්නම් දවසක ඔයාට පසුතැවෙන්න වෙයි මං මම කැමැති දේ කරේ නෑනෙ කියලා. ඒ නිසා ඔයා කැමති දේ  කරන්න.

*විහගි:-*  ඒක ඇත්ත අම්මා. මං අද හොදට හිතලා තීරණය කරන්නම්.

*අම්මා:-* මොන දේ කලත් මං ඔයත් එක්ක ඉන්නවා. වැඩිය හිතන්න එපා. නිදහසේ තීරණය කරන්න.

ඉතින් එදා රෑම හිතලා හිතලා හිතට අවංකව, සතුටින් විහගි තීරණය කලා කොයි රටේ නිර්මාණයද බාරගන්නෙ කියලා.😇

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now