*විහගිගේ සිත:-* අනේ..මෙච්චරකල් කවදාවත් weverse එකේ post එකක් දාලා නෑ. ඒත් අද දාපු පළවෙනි දවසෙම bts member කෙනෙක්ගෙන් comment එකක්....ඒකත් V ගෙන්ම..🥺 ඔහ්..දෙයියනේ.... එයාගෙ ෆෝන් නම්බර් එකත් දැන් මං ගාව තියෙනවනෙ. එයා comment කරපු post එක මගේ කියලා මැසේජ් එකක් දාලා කියමුද...🤔 නෑ නෑ එක්කො ඕනෙ නෑ. මේ මහ රෑ එයාට මැසේජ් දාන්න ගිහිල්ලා එයා නම්බරේ දීපු වැදගත්කම නැතිකරගන්න හොද නෑ.
එදා රාත්‍රියේ විහගි නින්දට ගියේ V ව මුණගැසුණු විටම තමාට comment කිරීම සම්බන්ධව ස්තූති කිරීමට සිතාගෙනය.
*පසුදා උදෑසන* ⛅
*අම්මා:-* අහ්..ඔයා නැගිට්ටද..?
*විහගි:-* ඔව් අම්මා. ඊයෙ ටිකක් පරක්කුවෙලා නින්ද ගියේ.
*අම්මා:-* හ්ම්ම්ම්...කමක් නෑ. අද හවසනෙ ෂූටින් තියෙන්නෙ.
*විහගි:-* ඔව්. අද රෑ වෙනකන් තියෙනවා.කම්මැලියිත් වගේ.
*අම්මා:-* ආහ්... ඒනම් ඉතින් අද එක්කෙනෙක් එන්නෙ නැති නිසාද කොහෙද..😌
*විහගි:-* ඒ කවුද?
*අම්මා:-* ලෝක ප්‍රකට BTS සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක Kim Taehyung 😌
*විහගි:-* අම්මොහ් ඇති ඇති...කෝ ඔය තේ එක දෙන්න. ☺️
එසේ කියා තේ එකත් රැගෙන විහගි එතැනින් දිව ගියේ ලැජ්ජාවෙනි.
*BTS* 💜
*RM:-* Boys..ඔන්න එහෙනම් ලෑස්තිවෙන්න හෙට අලුත් වාර්තාවක් තියන්න.
*Jk:-* අනිවා...සතුට තියෙන්නෙ අපිම අපේ රෙකෝඩ් කඩන තරමට සාර්ථක වෙනකොට.😌💪
*V:-* අනිවාරෙන්...අපි අපේ උපරිමය කරනකොට අපිටත් ඒකට උපරිම සාදාරණයක් ලැබෙනවා.
ඔවුන්ගේ මේ කතාබහ අතරට ඇගමැලි කඩමින් පැමිණෙන්නෙ ජිමින් ය.
*Jk:-* චූටි බබා නැගිට්ටද...කිරි බිව්වෙ නැද්ද පැටියෝ...👶 ලොකු අයියේ ඇයි ඔයා මේ පොඩි අයියට කිරි හදලා දුන්නෙ නැත්තේ? නරකයි හොදේ..🤷♂️ කොටයි තමයි....එහෙම කියලා වෙනස්කම් කරන එක හරි නෑනෙ මගෙ ජිමිනට.😌
Jk ගෙ විහිලුවලට කිසිත් නොකී ජිමින් RM වෙත යයි.
*Jimin:-* නම්ජුනී...
*RM:-* ම්ම්ම්ම්..
*Jimin:-* ඇයි හත්දෙයියනේ මේ පොඩිවුන් දෙන්නා මාවම මරාන කන්න හදන්නෙ... ?🤯
*Jk:-* ඔයා ඒක නම්නුන් හියුන්ග්ගෙන්ද ඇහුවෙ..එහෙමත් නැත්නම් හත්දෙයියන්ගෙන්ද? ඒ දෙන්නගෙන්ම අහලා වැඩක් නෑ මොකද ඕකට උත්තරේ දන්නෙ මායි V යි විතරයි.😌🤷♂️
*V:-* පොඩ්ඩක් හිටාම්. දැන් මෙතනට මේ අහිංසක මාව සම්බන්ද වුනේ කොහොමද කියලා චුට්ටක් පැහැදිලි කරනවද? 🤷♂️
*Jimin:-* සම්බන්ද වුනේද...ඇයි ඕයී මොකක්ද අර ඊයෙ රෑ weverse දාලා තියෙන්නෙ?
*V:-* ආ...ඒකද..ඉතින් ඔයා හරි හුරුබුහුටියට නිදන් ඉන්නෙ ඒකෙ. චූටි කුකුල් පැටියෙක් වගේමයි🤭🐣🐥
Army ලත් ඒ ෆොටෝ එකට ගොඩාක් ආස වුනා. අනික ඒක තමයි දඩුවම මගේ නිදාගැනීමේ නිදහසට බාදා කරලා මගේ කාමරෙට ඇවිත් නිදාගත්තට.*Jk:-* ආන්න. එතකොට දැන් මගේ වාරෙ. මං ඔයාට කොටා කියන්නෙයි.. විහිලු කරන්නෙයි ඔයා මගේ අයියා නිසා. මං ඔයාගෙ මල්ලි නිසා. Taehyung-shii ඔයාට වඩා මාස දෙකහමාරක් විතර බාල වුනාට ඔය දෙන්නා යාලුවොනෙ. ඉතින් මංනෙ ඔයාගෙ මල්ලි...ඒ නිසා මල්ලි කියන අයිතිවාසිකම නිසා තමයි මං ඔයාට කොටා කියන්නෙ..තේරුනාද මගෙ කොට අයියේ..🧏♂
*Jimin:-* ඕ ෂිට් මුන් දෙන්නා එක්ක බෑ අප්පා..🥲
*Suga:-* අප්පෝහ්..අවුරුදු ගානක් මුන් තුන්දෙනාගෙ කියවිල්ල අහගෙන හිටියට අපිට තෑගි දෙන්න වටිනවා. ඇත්තටම කටවල් රිදෙන්නෙ නැද්ද ඔය ත්‍රිබලගෙ?
*V:-* අනෙ නෑනේ මගෙ සුදු අයියේ...
එසේ කියමින් V Suga ගේ ඇගේ එල්ලෙන්නට විය. ඔහුව අනුගමනය කරමින් Jimin හා Jk ද Suga ගාගේ දෙසට දිව ගියහ. අවසානයේ තිදෙනාම Suga ව පිම පෙරලගෙන කුචු කවන්නට විය.
*Suga:-* ඒයී..යකුනේ...අතඇරපල්ලා මාව. මගෙ ඇටකටු ටික කුඩුවෙයි. අනේ හොබී මුං තුන්දෙනාට නිකන් ඉන්න කියන්නකෝ.
*J hope:-* සොරි මචෝ. මගේ ආත්මාරක්ෂාව ගැන හිතලා මේ පොඩි තුන සම්බන්ද වෙන වලි වලට සාමදාන විනිසුරුවරයෙක් විදියට සම්බන්ධ වෙන එක මම දැන් නවත්තලා ටික කාලයක්.😌🤷♂️🧏♂
එසේ කියා සිනාසෙමින් බලා සිටින J hope හා RM ගේ කරවල් වලට අත්දෙක දමාගනිමින් Jin පැවසූයේ..
*Jin:-* මං හිතන්නෙ Suga ඕකට තමයි ඉල්ලං කනවා කියන්නෙ... 😂😂😂
*RM:-* අනිවාරෙන්..🤭

YOU ARE READING
හත්දින්නත් තරු 💜🌟💫
Fanfictionඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫