දෙවෙනි වරටත් තමා මෙලොව වැඩියෙන් ම දකින්නට ආස කරන ඒ කාන්තිමත් දෙනෙත් අතර විහගි මොහතක් අතරමං විය. අවට සිටින සියල්ලන්ම ඔවුන් දෙස බලාසිටින වග දැනුනු නිසාවෙන් V වහාම විහගිගෙන් මෑත් විය.
*විහගි:-* අනේ ගොඩාක් ස්තූතියි මිස්ටර් V මාව බේරගත්තට. කම්සාහම්නිදා...🙏
*V:-* අනේ ඒක සුලු දෙයක්. ඒක නෙවෙයි මට ඇතුලෙදි ඔයත් එක්ක කතා කරන්නත් බැරිවුනානෙ. ඔන්න ඔයාව දකුණු කොරියාවට ගොඩක් ගෞරවයෙන් පිළිගන්නවා. මම,
Kim Taehyng and BTS V✌️එසේ කියා ඔහු ඇයට ආචාර කොට අතට අත දීම සදහා අත දික් කළේ ය.
*විහගිගේ සිත:-* දෙයියනේ විහගී....එයා ඔයත් එක්ක කතා කරනවා...ඔව් ඔව් මේ පාරනම් හීනෙන් නෙවෙයි ඇත්තටම...☺️☺️ ඉක්මනට ඔය අත එයාට දෙන්න....🤝🏻🤝🤝
මේ අතර විහගි සිටියේ තම හදවත හා මොළය අතර යුද්ධයක් කරමිනි. කිමද හදවත සතුටින් උදම් වෙද්දී...මොළය ඇයට කීවේ සන්සුන්ව හැසිරෙන ලෙසයි.❤️🤺🧠
*විහගි:-* Anneyeong...🖐️ මං විහගි උත්තරා...හ්ම්ම්ම්...තව..BTS Army Girl 💜💫☺️
*V:-* ඔහ්හ්...☺️ army සරංහේ...💜🙈 V ට එය ඉබේම කියවිය.
දැන්නම් සතුට වැඩිකමට විහගිගේ බඩේ සමනල්ලු පියාඹන්නා සේය. ඒ V ආදරෙයි ( සරංහේ ) කියූ නිසාය. ඇය දන්නවා ඔහු එය පැවසුවේ තමා ඔවුන්ගේ රසිකාවියක් යැයි පැවසූ නිසා බව. නමුත් ඒ ඇය ආදරය කරන පුද්ගලයාය. එනිසා ඇයට මහත් සතුටක් දැනෙන්නට විය.
*විහගි:-* සරංහේ ඔප්පා...💜🙈
ඇත්තටම ඔවුන් දෙදෙනාගේ සංවාදය ඉතා සුන්දරය. ඔවුන් කුඩා දරුවන් මෙන් ඇස්වලිනුත් සිනාසෙමින් කතා කරන මේ දසුන බලා සිටින්නන්ට ඉතා ප්රිය දසුනක් විය. ඒ වගේම මීඩියාවලට නව පුවතක් විය.
*V:-* එහෙනම් විහගි අපි දැන් මෙතනින් යමු නේද..? නැත්නම් හෙට මීඩියාවලට අලුත් නිව්ස් එකක් වෙයි අපිව.
V එසේ පැවසූ විට විහගිටත් එහි අවදානම් පැත්ත සිහිවිය. තමාගේ bias ඔහුට හැදෙන බොරු කටකතාවලට කිසිසේත්ම කැමැත්තක් නොදක්වන මෙන්ම ඔහු ඒවන් දේවල්වලට සෘජුව ප්රතිචාර දක්වන පුද්ගලයෙක් බව ඇය හොදින්ම දන්නා නිසාවෙන් ඇයටද දැන් මෙතැනින් පිටත්වීම යහපත් යැයි සිතිණි.
![](https://img.wattpad.com/cover/294749313-288-k729084.jpg)
YOU ARE READING
හත්දින්නත් තරු 💜🌟💫
Fanfictionඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫