අවුරුදු කිහිපයක් තිස්සෙම හිතින් ආදරය කළ.. කිසිම දවසක හැබැහින් දකින්නට හෝ ලැබේදැයි නොදැන සිටි තම සිහින ආදරයේ ස්පර්ශය සැබෑවටම දැනෙද්දි විහගි විනාඩි දෙකක් පමණ ඒ ආදරේ රස්නය විදගන්නට වූයේ මුලු හිතම සැනසෙද්දීය.
ඉන්පසු V කෙරෙන් ඈත් වූ ඇය,
විහගි:- එහෙනම් V මම ගිහින් එන්නම්.හෙට හම්බවෙමු.🙂
V:- හරී..මං ගිහින් කෝල් එකක් දෙන්නම්.🙂
අහ් මේ..විහගි,විහගි:- ම්ම්ම්..
යන්න දෙන්නට ලෝබකමින් ඇයට නැවතත් කතා කලද..කුමක් කියන්නද කියලා V ට සිතාගැනීමට නොහැකි විය.
V:- නැහැ මුකුත් නෑ...නිකන්, පරිස්සමින් යන්න.❤️
විහගි :- හරී..ඔයත් පරිස්සමින්..❤️
ඊන්පසු ඔවුන් දෙදෙනාම තම තමන්ගේ නිවෙස් කරා පිටත් විය.
........................................................................
BTS HOUSE 🏬💜💫
V නිවසට පැමිණෙන විටත් මධ්‍යම රාත්‍රිය උදා වී තිබුණි. අනෙකුත් bts සාමාජිකයන් නිදා සිටියද ජිමින්,සුගා සහ නම්ජූන් සිටියේ අවදියෙනි.
Suga:- අන්න ටේ ආවා.
RM:- හ්ම්ම්..
Jimin:- මේ Idol ජීවිතේ අපිට කොයිතරම් දේවල් දීලා තියෙනවාද වගේම..ඒත් එක්කම කොච්චර දේවල් උදුරගෙනද කියලා මට ටේගෙ මූණ දැක්කම මේ දවස් ටිකේම දැණුනා හ්යොන්ග්..🙂
RM:- හැමදේම තව ටික කාලයක් යද්දි හරියයි ජිමිනා. ම්ම්ම්..ඔයාගෙ යාලුවා එදාට ලස්සනට හිනාවෙයි 😊
Suga:- මං ගිහිල්ලා මිනිහව පොඩ්ඩක් බලලා එන්නම්.
RM:- හරි හ්යොන්ග්.
එතැනින් නික්ම Suga ගියේ V ගෙ කාමරයටය. ඒ නිවසට පැමිණි වහාම V එහෙම්මම තම කාමරයට ගොස් දොර වසාගත් නිසාය.
Suga:- ටේ, ටේ...ඔයා ආවා නේද...
කෝ මේ දොර අරිනවකො.V:- හ්යොන්ග් මට නිදිමතයි..මහන්සියි..
හෙට කතා කරමු අපි.Suga:-තමුසෙ මේක අරිනවද..
නැත්නම් මං දොර කඩාගෙන ඇතුළට එන්නද..🤷♂

YOU ARE READING
හත්දින්නත් තරු 💜🌟💫
أدب الهواةඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫