පරිසරය හරිම නිසසල විය. බොහෝ වෙලා කල්පනා කිරීමෙන් පසු මට වැටහුනේ එයට හේතුව සුළග කියායි. සුලග නගරය හැර ගොස් මෙනි. සාලයේ කෙලවර තිබෙන දිග ප්‍රංශ ජනේලය ලග ඇති සැපපහසු හාන්සි පුටුවේ තැන්පත් උනු මම මගේ පාඩුවේ පොතක් අස්සේ සැරිසරමින් සිටියෙමි. ජනේලයෙන් පෙනෙන අපේ පෙල් අවශ්‍යතා මදි නොකියා සම්පූර්ණ කරන පොල් ගස සහ බට් වර්ගයක් කියා සිතා සිටෙවුවද දැනටමත් ලේන්සුවක් තරං වූ ඇබිත්තං මිදුලේ හතරෙන් දෙකක්ම පමන වසා පැතිරී තිබුනු කොස් ගහද මගේ අවදානය නිතර බිංදේය.
ජනේලය හරහා වෙන අවුරුදු වල 'සීතල' නත්තල් කාලෙට හමාගෙන එන සීතල සුලං රැල් වෙනුවට මෙදාපාර ආවේ වෙනස්ම සුලං ආකාරයකි. සීතල සිලගේ වැඩිමහලු නෑදෑයෙකු වැනි වූ මේ සුලං බොහෝ කාශ්ටක මෙන්ම උණුසුම් විය. එමෙන්ම සුලං හැමුවේ බොහොම ටිකකි. පොල් ගහේ අතු අග විතරක් ඕනේවට එපාවට මෙන් මදක් සෙලවුනු අතරම, කොස් ගහේ තද කොල පැහැ පත්‍ර මේ පුංචි සුලං රැල් වලට සෙලවී නොසිටින්නට තරං බරසාර හා තද බවින් යුක්ත විය.
නමින් ගයේශ් සංදීප් වන මට කුඩාකල සිට එතරම් මිතුරු සමාගමක් සිටියේ නැති බව කිව හැක. නමුත් දුකේදීත් සැපේදිත් මා සමග එකට සිටි බලු තඩියා නම් දැනුත් මගේ කකුල් දෙක යට සිටින බව දැනේ. 'බල්ලා' යන වචනය සිංහල වාචික භාශාව තුල වාග් හරඹ සහ තවකෙකු පහත් කිරීමේ අභිලාෂය වෙනුවෙන් නිතරම පාහේ භාවිතා වූ හරබර වචනයක් වූ හෙයින් මගේ සුරතලාට 'බල්ලා' යැයි ඇමතීමට මම නිතරම මදක් පසුබට වූවුමි. 'ඇපලෝ' යන ග්‍රීක සංගීතය අදිපති දෙවියන්ගේ නාමයෙන්ම බවුතීස්ම ලද ලැබ්රඩෝ වරගෙයේ අල ගෝනියක් තරම් විශාල සුරතලෙකු වූ හෙතෙමගෙන් නිවසට ආරක්ශාවක් නම් කොහෙත්ම සැලසුනේ නැති බව දැක්විය යුතුය. හොරා පෙරට ගොස් බිම පෙරලී තම විශාල උදරය මදක් කැසිය හැකිදැයි අසන්නට පෙලඹුනත් මම නම් පුදුම වන්නේ නැත.
මේ කුඩා නිවසේ ඇපලෝ හා මා ජීවත් වූයේ තවත් වල් ඌරෙකු හා ගෙම්බෙකු සමගය. ඔවුන් දෙදෙනාට ඒ ආදරබර සුරතල් නම් දමාගත්තේත් ඔවුන්මය. ඊශ්‍රායලය සහ ඇෆ්ගනිස්තානය මෙන් නිතරම යුද ගිනි අවුලාගත් ඔවුන් දෙදෙනා සමග වසර පහක් එකට ජීවත් වීමේ ප්‍රතිඵල ලෙස ඔවුන්ගේ රණ්ඩු දබර දැන් මට කම්මලේ බල්ලාට මෙන් විය.
![](https://img.wattpad.com/cover/295582761-288-k147866.jpg)
YOU ARE READING
"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවා
Romance"බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ නේද?" "එන්න අපි එහෙනම් තරු ගැන කතා කරමු..!" ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ හඳක් අයිති නැති අහසකට ආදරේ කරපු තර...