1:දිව්‍යමය ජනපදයේ අඳුරු ප්‍රදේශය

553 92 93
                                    


අද වෙනදා මෙන් නොවේ. හිරුට අද සිපිරි ගේ දෙසට බැලීමක් හෙලන්න සිතක් පහල වෙලා. නෙතගක් හැඩ කල අංජන රේඛාවක් කඳුළු බිඳක් හමුවේ බොඳ වී යන අසිරිය මවා පාමින් මඳ හිරු කිරණක් අඳුරු වළා විනිවිදිමින් මූසල අන්ධකාරයේ ග්‍රහණයට ලක් වූ බන්ධනාගාරය ආක්‍රමණය කළේය.
අරුණෝද සමයේ කාටත් පෙරින් අවදිව සිටි බැඳුම් ගෙයි පාලක තුමා ලේඛනාගාරය තුල වූ ලේඛන හා රාක්ක මත බැඳි දුහුවිලි හා මකුළු දැල් පිසිමින් සිටියේය. ඔහුගේ තද නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසි අතවැස්සා ලේඛනාගාරයේ වැසුණු දොරට මෙපිටින් සිටිමින් ආලින්දයේ මතුපිටින් ඉරිතලා ගිය මඳ උසැති බිත්තියකට වාරු වී කොස්සක් ද පසෙකින් තබාගෙන ඇඟ මැලි කඩමින්,"පාලකතුමා".

පාලකතුමා ,"ඇයි මොකද?".

අතවැස්සා ,"අතුගාල අතුගාල මගෙ කොන්දත් රිදෙන්වා.මට තවත් අතුගාන්න නම් බෑ පාලකතුමා".

එවිගසම වැසුණු දොර පියන් කෝපයෙන් විවර කර මැදිවියේ පුද්ගලයෙකු පිටතට ආවේ ඉඟ මතට දෑත් ගෙන යමිනි.එක් වරම විවර වූ නිසාදෝ දොර පියන් වේගවත් සුළං රැල්ලක් හමවාලමින් බිත්ති මත ගැටුනි, "දඩස්..".

එවිටම අතවැස්සා පසෙක ලූ කොස්ස ගෙන දෑතින්ම බදා ගත්තේ මෙතෙක් වේලාවක් වැඩ කල බව හැඟවීමට බව කිව යුතු නොවේ.

පාලකතුමා, "අතුගෑව, හොඳයි තමුන්නැහේ අත්තක් ගාපු තැනක් පෙන්නමුකො බලන්න ,ඈ".

අතවැස්සා නිරුත්තර වූයේ දෑතින්ම බදා ගත් කොස්ස තවත් සිරුරට තද කොට ගනිමිනි.
ඒ මොහොතේ ඔහුගේ නළල මත වූ දා බිඳුවක් මුහුණ මත රැඳි කෙහෙරැල්ලක දැවටී රූරා විත් බිම රැඳි දුහුවිලි අංශු විසුරුවාලමින් පොළොව සිපගතිතේය. පවුරු, ගොඩනැගිලි වහලාදිය පසු කර ආ කුඩා හිරු කිරණක් විසිරුණු දුහුවිලි විනිවිද ගියේ ඒවා තව දුරටත් පාලක තූමාගේ නෙතට විශේෂ කරවමිනි .

පාලකතුමා," තමුන් ,තමුන් , තමුන් නම් මහ මෝඩ දෙයියෙක්, හරියට අත්තක් ගා ගන්නත් බෑ. බලනව,බලනව තමුන්ගෙ ඇල් මැරිච්ච මූණෙං වැටිච්ච දාදිය ඩිංගට විසිරුණු දුහුවිලි ගොඩක මහත, ඒකෙන්ම පේනව තමුන්ගෙ අතුගෑවිල්ල."

මල් මිටක්Where stories live. Discover now