ඈතින් පෙනුන දෙවොල දැන් බෙහෙවින් ළඟය.
ඉදිරියෙන් ගමන් ගත් ගැල් පෙළ නැවතිනි.
පිරිසද නැවතුනි.නැවතත් මුල්ම ගැලේ සිට ගම්පතිතුමා බිමට බැස්සේය,
මෙවර නම් නොවැටිණි." හොඳයි , ඕන්න අපි ආව දේවස්ථානෙට " ගම්පතිතුමා පැවසුවේ සැනසිලි දායක බවකින්.
" දැන් ඔය පුළුවන් කට්ටිය ගැල් ඇතුලෙ ඉන්න වයසක ඈයොන්ටයි, බඩ දරු අම්මලටයි ගැල් වලින් බහින්න උදව් කරමු... " නැවතත් ගම්පතිතුමා පැවසුවේ විදානයක් ලෙසින්.
ඇවිද යන්නා නැවතී මේ සියල්ල පසෙකින් සිට බලා සිටියේය.
එක්වරම වන්දනා නඩයේ හුන් එක් කුඩා දැරියක් ඇවිද යන්නා දෙස බලා දෙනෙත් සිහින් කොට පිරිපුන් මඳහසක් ද සමඟ එක් අතක් වැනුවේ මිත්‍රශීලී ලෙසින්.
දැරියක් වුවද ඇගේ චර්යාවන් තුළ වයස ඉක්ම වූ දැනුම්වත් බවක් හා උඩඟු බවක් මෙන්ම හිතුවක්කාර බවක්ද දිස්විය.
ඇවිද යන්නා ද මදක් හිස නවා ගරු කටයුතු ලෙස ඇය හා සිනහසුනේය.
දේවස්ථානයට ඇත්තේ මඳ දුරකි.
වන්දනා නඩය පළමුවෙන්ම දේවස්ථානයට ඇතුළු නොවුනහ.
ගම්පතිතුමා " දේවස්ථානයට ඇතුළු වෙන්න ඉස්සරින් හැමදෙනා පවිත්‍ර වෙන එක තමා වැදගත්. ඒ හින්ද ඔහෙලගෙ ඇඳුම් පැළඳුම් තියේ නම් එව්වත් අරන් එමු " යැයි පවසමින් සාළුවක් ගෙන එය තම කර මත රඳවා ගත්තේ ගංගාව දෙසට යාමට.
සියල්ලෝ ඇඳුම් පැළඳුම් කර ඇඟ ලා ගෙන නෑමට පිටත් වූහ.
ඔවුන් නොතැකූ ඇවිද යන්නා දෙවොලට යාමට පිටත් විය.
දේවස්ථානයේ ප්‍රධාන ද්වාරයෙන් ඇතුළු වූ ඇවිද යන්නා දේව මන්දිරයට යාමට තැනූ උසැති සෝපානයට ගොඩ විය.
එය ඔස්සේ පා තබා ඔහු සුවිසල් දේව මන්දිරයට ඇතුල් විය.
කුසුම් සුවඳත්, සුවඳ ධූපයත් දෙව් මඳුර පුරා පැතිර ගොසිනි.
ප්‍රදීපාලෝකයෙන් මන්දිරය තවත් සුන්දර ලෙස දර්ශනය විය.
මන්ත්‍රාචාරීන්ගේ ගම්බීර ජපයන් දේව මන්දිරය පුරා නිම්නාද දෙයි.
YOU ARE READING
මල් මිටක්
Historical Fictionමේ මං ලියන පළවෙනි කතාව. ඔයාල මගෙ කතාවට කැමතී නම් කියන්න හොඳේ, අකමැතී නම් ඒකත් පැකිලෙන්නැතුව කියන්න. ඔයල කතාව කියවල අනිවාර්යයෙන් comment එකක් දාගෙනම යන්න . ඒක මට ලොකු සතුටක් වගේම ලොකූ ශක්තියක් . ස්තුතියි.