වෙනත් කල්පනාවක සිටියා මෙන් කිසිවක් ගණනකට නොගෙන සිටි පාලකතුමා එක් වරම සිහි එලබි ලෙසින් , " කුමක්ද , කොහෙන්ද ආව කියල කිව්වෙ ඒ පණිවිඩේ"හේවායා ," ශ්‍රේෂ්ඨ තීරක මණ්ඩල ශාලාවෙන් "
පාලකතුමා ," මොනවා! කවුද කවුද කිව්වෙ" ලෙස පවසමින් අසුනෙන් නැඟී සිට දිව විත් හේවායා ඉදිරි පිට නැවතුනේ නොසන්සුන් ලෙසයි. ඔහුගේ මුවින් දිස්වූයේ සියල්ල දැන දැනත් එය සැඟවීමට අසාර්ථක යත්නයක යෙදෙන්නකුගේ භාව ප්‍රකාශයකි." ඒ නම් , ජ්‍යෙෂ්ඨ අනුගාමිකයන්ගේ ආරාම සංකීර්ණයේ සුළු සේවකයෙකු ලෙසයි පැවසුවේ. ඔහු තවමත් ප්‍රවිෂ්ට ද්වාරය අසල රැඳී සිටියි පාලකතුමා " හේවායා පැවසුවේය.
නොරුස්සන බැල්මක් හේවායා වෙත හෙලමින්, " ෂික් , ඇයි ඉතින් මෙහි රැගෙන නොපැමිණියේ " යැයි පවසා අවසන් කිරීමටත් පෙරම පාලකතුමා ප්රවිශ්ඨ ද්වාරය වෙත දිව යාම ඇරඹුවේ මද කිපී උමතු වූ මහිසයකු විලසිනි .
හේවායත් , ලේඛනාගාරය තුල සිටි අතවැස්සාත් පාලකතුමා පිටුපස හඹා යාමට උත්සුක වූයේ ඔහුගේ වේගවත් දිව යාම හේතුවෙන් පැරැණි සිර කුටි සංකීර්ණයේ අබලි වූ දාරුමය ස්ථම්භ බිඳී යාමේ අවධානමක් මතු වූ හෙයිනි.
වාසනාවක මහත නම් ඔවුන් පැරැණි සිරකුටි සංකීර්ණය වෙත පැමිණෙන විටත් එය නිරුපද්‍රිතව තිබීමය. එය ඔවුන්ගේ සිත් තුල පැවති නොසන්සුන්කාරීත්වය මඳ පමණින් හෝ පාලනයකට නතු කිරීමට හේතු විය.
නමුත් ගැටලුව අවසන් නැත.
ප්රවිශ්ඨ ද්වාරය වෙත දිවගිය පාලකතුමා නැවත දිව ආවේ අධික ලෙස කලබලකාරී හා සිතාගත නොහැකි තරම් වේගයකින්. එය පෙරටත් වඩා වැඩි වේගයක් විය. අතවැස්සාත් හේවායාත් පෙරමඟින් පසෙකට පැන්නේ තම ආරක්ෂාවත් සිහි කල්පනාවක් නොමැතිව දිව එන පාලකතුමා වෙත මඟ එලි පෙහෙළි කරදීම උදෙසාමය.
කුමක් හෝ සිදුවන වන බව වටහාගත් අතවැස්සාගේ සිත කුහුලින් බර වුණි.
නැවත ඔහු හේවායා ද පෙරටුව නැවත ප්රවිශ්ඨ ද්වාරය වෙත පිය නැගුවේය.
පණිවිඩය රැගෙන ආ සුළු සේවකයා ප්රවිශ්ඨ ද්වාරය අසල රැඳී සිටින බව ඔවුන් ඈත සිටම දුටුවෝය. ප්රවිශ්ඨ ද්වාරය අසල සිටින අනෙක් හේවායා සමඟ පණිවිඩය රැගෙන ආ සුළු සේවකයා සුහද පිළිසඳරකය. හෙතෙම බිමට නෙත් යොමා කිහිප විටකම යටැසින් බලමින් දසන් දක්වා මදහස පාමින් කුමක් හෝ පවසයි. අනෙක් හේවායා ද ශෛලමය ප්රවිශ්ඨ ද්වාරයට වාරු වී ගෙල පසෙකට නවා දෙඅත් ළයෙහි බැඳ මුවග සිනහවකින් සරසාගෙන සවන්දෙමින් සිටියි. ඒ අතරවාරයේ අතවැස්සාත් අනෙක් හේවායාත් ප්රවිශ්ඨ ද්වාරය අසලටම පැමිණියහ. අගන්තුකයන් දෙදෙනාගේ ආගමනයත් සමඟ පණිවිඩකාර සුළු සේවකයා තම කතාන්දරය නවතා මඳක් හිස නවා සුහදශීලි සිනහවක් සමඟ තම ගෞරවය ප්‍රකාශ කලේය.
YOU ARE READING
මල් මිටක්
Historical Fictionමේ මං ලියන පළවෙනි කතාව. ඔයාල මගෙ කතාවට කැමතී නම් කියන්න හොඳේ, අකමැතී නම් ඒකත් පැකිලෙන්නැතුව කියන්න. ඔයල කතාව කියවල අනිවාර්යයෙන් comment එකක් දාගෙනම යන්න . ඒක මට ලොකු සතුටක් වගේම ලොකූ ශක්තියක් . ස්තුතියි.