නදිය ඉතා පළල් ය. එම නිසාම පාලම තරණය කිරීමට බොහෝ කාලයක් ගත වේ. සියල්ලෝ ගැල් තුළ විවේකීව සුව නින්දේ පසුවෙති.ගැල් පෙළ පාලම ඔස්සේ හෝරාවක් පමණ වැයකොට එතර වී තරමක් විසල් නඟරයක් වෙත වැටිණි.
ඒ රාත්රිය වූ බැවින් ආලෝකයන් සැමතැන දැල් වී තිබිමුත් මං මාවත් හිස් විය.
තැන තැන වසා දැමූ කඩපිල් ය. මහල් ගොඩනැඟිලි හා තැනින් තැන නැවතූ අත් කරත්ත ද ගොඩ ගැසූ ලෑලි කූඩාද අගුපිල් තුළය.
ඒ අතරින් පතර වීදි සුනඛයෝ බුරා පනිති.
කැහැටු බළලුන් සංවාස සමයේ මරහඬ තලති.රෑ මැදියමද පසු වී ගොසිනි.
ගැල් පෙළ නඟරය මැදින් ඉදිරියට ඇදෙයි.
ඇවිදයන්නාගේ නිරීක්ෂණයට සැමතැනම බඳුන් විය.
කාලයේ ගෙවී යාමෙන් ඇතිවූ වෙනස්කම් බොහෝමයකි.
කලකට පෙරින් මෙය නඟරයක්ම වුවත් පහසුකම් මඳ බැවින් ජනයා විසියේ අතලොස්සකි.
එහෙත් මේ වන විට අතුරු සිදුරු නොමැතිව ඉදිවූ ගොඩනැඟිලි මඟින් මෙය බොහෝ දියුණු වූ බව කිව හැකිය.කාලය එසේය. වෙනස් වීම නම් සදාකාලිකවම සිදුවන්නාවූ දෙයයි.
කාලය ගතවිය.ගැල් පෙළ නැවතිනි. බොහෝ දුර විත් නඟරයෙන් මෑත් වූ එය ග්රාමීය බවකින් යුත් පෙදෙසකි.
ගැල් පෙළ නැවතී තිබුණේ තවත් ගැල් නැවතූ ගැල් ගාලක් තුළය.
ගැල්කරුවා " ගම්පතිතුමා... ගම්පතිතුමා... අවදි වෙන්න අපි ගමනාන්තයට ඇවිත් ඉන්නෙ " යැයි පැවසුවේ නින්දේ හුන් ගම්පතිතුමා අවදි කිරීම උදෙසාය.
ගැල්කරුවාගේ හඬ ඉතා වෙහෙසකර බවක් ඉසිලූයේ නිදි වරමින් ගවයන් නිසි මඟෙහි හැසිරවීමෙහි ප්රතිවිපාක ලෙසින්.
කිහිප වාරයක කීද්දීම් හමුවේ ගම්පතිතුමා අවදි වෙමින්ම " මොකෝ කලබලයක්ද..?" ප්රශ්න කළේ නිදිබර බවින් මත් වූ හඬකින්.
" නැහැ ගම්පතිතුමා, අපි ගමනාන්තයට ආව කියන්නයි කතා කලේ මං " ගැල්කරුවා පිළිවදන් දුන්නේය.
" ඇත්තද, ආ.. ඔව්නේන්නම් " යැයි වටපිට බලමින්ම ගම්පතිතුමා පැවසුවේ දෙනෙත්හි කබ කඳුළු පිසිමින්.
YOU ARE READING
මල් මිටක්
Historical Fictionමේ මං ලියන පළවෙනි කතාව. ඔයාල මගෙ කතාවට කැමතී නම් කියන්න හොඳේ, අකමැතී නම් ඒකත් පැකිලෙන්නැතුව කියන්න. ඔයල කතාව කියවල අනිවාර්යයෙන් comment එකක් දාගෙනම යන්න . ඒක මට ලොකු සතුටක් වගේම ලොකූ ශක්තියක් . ස්තුතියි.