ගැල්හි නැඟි සියළු දෙනා පූජා භූමියෙන් පිටත් වූහ.ගැල්හි සිටින්නවුන් පිළිසඳරේ යෙදෙමින් කවට කතා කියමින් සිනාසෙමින් සිටිද්දී තවකුන් පාද චාරිකාවෙන් පැමිණ දෙවියන් වැඳ පුදා ගැනීම හේතුවෙන් උදම් ඇනූහ.
සියල්ලෝ තම ගම්බිම් කරා යනුයේ රිසිසේ දෙවියන් වැඳ පුදා ගැනීමේ සන්තෝෂයෙන්.
ඒ වේලෙහි එක් ගැමියෙකු " එදා රැයේ අපි එනකොට පුදුමාකාර කරදරයක්නෙ වුණේ. ඇත්තමයි මං මේ දිවුරල කියන්නෙ, ඒ වගේ දෙයක් මේ ජීවිතේටම දැක්කෙ පළවෙනි වතාවට. " යැයි පැවසුවේ ඉමහත් පුදුමයෙන් හා විශ්වාසදායී ලෙස.
එයට රුකුල් දෙමින් තවකෙක් " ඇත්තනේන්නම්. එදා හවස් වරුවෙ හමාපු කුණාටුවෙ හැටියට අපේ ගමට මක් වෙලා තියෙයිද දන්නෑ. " කීවේ තරමක තැතියෙනි.
එවිට ගම්පතිතුමා " එදා ඒ කුණාටුව නාව නම් අපිට මීටත් කලින් අපිට වන්දනා කරල මීටත් කලින්ම ගම්බිම් වලට යාගන්න පිටත් වෙන්න තිබ්බ. එහෙනං මෙලහට අපි මීට එහා දුරක් ගිහිල්ලනේ බොලං.." යැයි පැවසුවේ නෝක්කාඩුකාර හඬකින්.
" ඒකනම් හැබෑවක් " ඉදිරියෙන් යන ගැල් කරුවා පැවසුවේ ගම්පතිතුමාගේ අදහස අනුමත කරමින්.
කාලය ගෙවී යන්නා සම සේ ගැල්පෙලද ඉදිරියටම ඇදී ගියේය.
මධ්‍යහ්න යාමයත් පසුව තිබිනි.
ගැල් ඇදි ගවයන්ගේ විවේකය තකා ගැල් පෙළ නතර කෙරිණි.
තවත් යාමට බොහෝ දුර ඉතිරිය.
අඩහෝරාවක පමණ ගිමන් කාලයකින් පසු ගමන නැවත ඇරඹිණි.
ගැල්පෙල ගමන් කරයි.
ගැල්හි සිටින්නවුන්ගෙන් සමහරු නින්දේය, සමහරෙක් නින්දත් නොනින්දත් අතරේ දෙපසට වැනෙති.
කිහිපදෙනෙක් අවදියෙනි.
ඒ අතර යොවුන් වියේ පසුවන කොල්ලෙකු සහ කෙල්ලක් සිහින් හඬින් රහස් කෙඳිරිල්ලකය.
තවත් තරුණයන් දෙදෙනෙකු මිත්‍රශීලී සංවාදයකය.
ඔවුන් සිටින්නේ බොහෝ ළංවය.ඇවිදයන්නා මේ සියල්ල දෙස බලාසිටියේ බොහෝ නිහඬව.
මෙලෙසින් කල් ගත විය.
YOU ARE READING
මල් මිටක්
Historical Fictionමේ මං ලියන පළවෙනි කතාව. ඔයාල මගෙ කතාවට කැමතී නම් කියන්න හොඳේ, අකමැතී නම් ඒකත් පැකිලෙන්නැතුව කියන්න. ඔයල කතාව කියවල අනිවාර්යයෙන් comment එකක් දාගෙනම යන්න . ඒක මට ලොකු සතුටක් වගේම ලොකූ ශක්තියක් . ස්තුතියි.