interview 📜 (2)

4K 718 281
                                    

උදේ හතට විතර කිම් බංගලාවට ආව යුන්ගි බංගලාවේ වටේ ඉන්න බොඩිගාර්ඩ්ලාටත් කතා කරලා කෙලින්ම ගියේ ටේහියුන්ග්ගේ කාමරේ දිහාවට....

🐱: ටේහියුන්ග් නැඟිටපන් බූරුවෝ....

පස්සත් උඩ දාගෙන දිවත් එලියේ දාගෙන තාම හීන බලන ටේහියුන්ග්ගේ පස්සට පයින් එකක් ගහපු යුන්ගි ඊට පස්සේ ගියේ කාමරේ තිර රෙදි අරින්න....

🐯: අනේ ඉන්න දියන්කෝ බං....

🐱: ඉන්න දෙන්න....? තොට ඉන්න දෙන්න නෙමෙයි වටින්නේ.....බලහන් දැන් වේලාව කීයද කියලා.....උබද ceo නැත්තම් මේ මං ...?

🐯: ඒක නිසා නේ මං උබව මගේ මැනෙජර් කරේ....

🐱: මේක මාර කතාවක් නේ යකෝ...උබේ මැනෙජර් උනා කියලා මං හැමදේම කරන්න ඔනී....උබේ මැනෙජර්කාරයා වෙන්න කැමති උන එක තමා මං මේ ජිවීතේට කරපු ලොකුම ගොන් කම.....නැඟිටපන් ටේහියුන්ග්.....අයේ කියන්න ලෑස්ති කරන්න එපා මට....

🐯: විනාඩි පහක් දියන්... only five minutes.....

🐱: නැහැ නැහැ උබට විනාඩි පහක් තියා එක තප්පර පහක් දෙන්නේ නැහැ...

🐯:අනේ වි- ආආආආආආආආආ බැහැපන් යකෝ මගේ කොන්ද උඩින්...තෝ මාව රෝද පුටුවේ යවන්නද හදන්නෙ....

ටේහියුන්ග්ගේ කොන්ද උඩ නැඟගෙන යුන්ගි උඩ පනිද්දි ටේහියුන්ග්නුත් එහාට මෙහාට ඇඹරෙන්න ගත්තේ යුන්ගිව එයාගේ කොන්ද උඩින් අයින් කරන්නයි....

විනාඩියකට විතර පස්සේ ටේහියුන්ග්ගේ කොන්ද උඩින් බිමට පැන්න යුන්ගි ටේහියුන්ග්ගේ බෙඩ්ශීට් එක අයින් කරලා underwear එක විතරක් ඇඳගෙන ඉන්න ටේහියුන්ග්ව ඇදගෙන ගිහින් bathroom එකට දලා පස්සට තවත් බෘස්ලි පාරක් ගහලා දොර ලොක් කරේ ටේහියුන්ග්ට දැන් අනිවාර්යයෙන්ම මුහුන හොඳන්න සලස්වලා....

Wife ? No no husband    (Completed ✅)Where stories live. Discover now