feelings ♥️ (5)

3.3K 639 237
                                    

               ....TIME PASSED....🕘

කාලේ හරිම වේගෙන් ගෙවීගෙන යද්දි ජන්කුක් දැනට KIM company එකට ඇවිත් මාස එකාහමාරකුත් ගත උනා....

ඇත්තටම ජන්කුක් හුඟාක් නුවණක්කා කෙනෙක් කියලා ටේහියුන්ග්ට අදුර ගන්න හුඟාක් කාලේ ගත උනේ නැහැ....

හරිම පොඩි කාලයක් ඇතුලකදි ජන්කුක් ඔෆිස් එකේ හැම වැඩේ ගැනම හොඳට ඉගෙන ගත්තා.....

ඒ වගේම තමා එයා එයාගේ හිතේ ටේහියුන්ග් ගැන තියෙන හැඟීම් හංගන් ඉන්න තරම් හොඳ දක්ශයෙක් උනා...

එත් ටේහියුන්ග් ?

එයාට නම් ජන්කුක්ව දකින් දකින හැම තප්පරේම උනේ ජන්කුක් ගැන එයාගේ හිතේ තියෙන හැඟිම් තව තවත් එලියට ආපු එක....

ටේහියුන්ග් ජන්කුක්ට කතා කරන නම පවා මේ වෙනකොට වෙනස් වෙලා....වෙනදාට ජන්ග්කුකී කියලා කතා කරන ටේහියුන්ග් දැන් එයාලා කැබින් එකේ තනි වෙන හැම වේලාවෙම කතා කරන්නේ කුකී කියලා.....

ටේහියුන්ග්ගේ හිතේ තමන්  ගැන තියෙන්නෙ මොන වගේ දේවල්ද කියලා  ජන්කුක් දැනන් හිටියාත් එයා මුලින් ටේහියුන්ග් පියවරක් ගන්නකන්ම මඟ බලන් හිටියා....

නමුත් ජන්කුක්ට එකම එක දෙයක් අමතක වෙලා තිබ්බා....

ඒ ටේහියුන්ග්ට ජන්කුක් ගැන හැඟීම් ඇති වෙලා තියෙන්නෙ ජන්කුක් කෙල්ලෙක් කියලා හිතලා කියන එක....

___________________________________

නිශ්ශබ්ද කැබින් එකේ වෙනදා වගේම ඇහුනේ keyboard එක ඔබන සද්දයි....එක එක මැශින් වල සද්දයි විතරයි.....

ටේහියුන්ග්ගේ කැබින් එකේ තිබ්බේ මේසවල් දෙකයි....

එකක් ටේහියුන්ග්ගේ අනික ජන්කුක්ගේ...

මුල් සතියේ ජන්කුක්ට වෙනමම කාමරයක් වෙන් කරලා තිබ්බාත් හැම නිතරම ඒ අහිංසක ඇස් බලන්න තිබ්බ කැමැත්ත නිසාම ටේහියුන්ග් වැඩි කල් නොගිහින්ම ජන්කුක්වත් එයාගේ කැබින් එක අස්සට දා ගත්තා....

ජන්කුක් නම් හිටියේ තමන්ගේ computer එකට පෙම් බදින්නෙක් වගේ...screen එක ලඟටම මුහුන ලං කරන් ඒ ඇස් තවත් බෝල කරන් තප්පරෙන් තප්පරේ ලඟ තිබ්බ ෆෝර්ම් එකත් ආයේ computer screen එක දිහාත් බල බල එයා ලොකු වැඩක........එයාගේ ලඟ හැඟිම් ගොඩාක් එක්ක තවත් ඇස් දෙකක් නැවතිලා තියෙනවා කියන එකත් නෝට් වෙන්න බැරි වෙන තරමටම ජන්කුක් හිටියේ එයාගේ වැඩේට සම්පුර්ණ අවදානය දෙන ගමන්....

Wife ? No no husband    (Completed ✅)Where stories live. Discover now