(After one month....)
මාසයක කාලයක් හරිම සාමකාමීව ගෙවීගෙන ගියා.....
ඒ කාලේ ඇතුලෙදි ටේහියුන්ග්ගේ මුලු ජිවීතේම උනේ එයාගේ පුංචි හබී උන මේ ජන්කුක්......
Company එකේ ඇතුලේද තැනක් නොතනියක් නැතුව දකින දකින තැන ජන්කුක්ව කිස් කරන , ජන්කුක්ගේ පස්සට ගහගෙන යන ටේහියුන්ග් එන්න එන්නම තවත් සෙල්ලක්කාර චරිතයක් උනා.....නමුත් company එකේ ඇතුලේ මොන තරම් සෙල්ලම් දැම්මාත් අවසානේ ගෙදර ආපු ගමන් ටේහියුන්ග් මී පැටියා ගානට හිටියේ රෑට කන කෑම පිඟාන පරිස්සම් කර ගන්න ඕන නිසා.....
ඒ දෙන්නාගේ වෙඩින් එකෙන් ඉස්සෙල්ලා මීරා වගේම වූබිනුත් ටේහියුන්ග්ට නපුරු වෙන්න උන ඇත්තම හේතුව ජන්කුක්ටත් කියලා අවසානේ එයාලා කරපු වරදට ටේහියුන්ග්ගේන් සමාව ගත්තා....
නමුත් තවමත් ලොකුකමෙන් හිටිය කිම් පවුල සති කිහිපයක්ම ගෙවිලා ගියාත් ටේහියුන්ග්ට මෙහෙම කියන කෝල් එකක් වත් අරන් දුක සැපවත් අඩුම අහන්න කරදර උනේ නැහැ....ටේහියුන්ග්ට උනත් එයාගේ දෙමාපියන්ගේ අඩුව යාන්තම් දැනුනාත් ඒ හැම වේලාවේම වගේ එයාව සනසන්න ජන්කුක් එයා ලඟින්ම ඉන්න වග බලා ගත්ත නිසා ටේහියුන්ග්ට ඒ දැනෙන හිස් බවත් ඉබේම වගේ නැති වෙලා ගියා.................
එදාත් වැඩ ඇරිලා ගෙදට ආපු හැටියේ තමන්ගෙ ටයි එක ලූස් අර ගත්ත ජන්කුක් කෑම හදන්න කුස්සියට දුවද්දි ටේහියුන්ග් කෙලින්ම ගියේ වොශ් එකක් දා ගන්න....
පැය භාගයක් විතර හොඳට පිරිසිදු උන ටේහියුන්ග් අවසානේ underwear එකක් විතරක් ඇදගෙන කුස්සියට එද්දි දැක්කේ ජන්කුක් කුස්සියේ කෑම මේසේ ඉදගෙන තමන්ගේ ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙනවායි....
🐯: කුකී...?
🐰 : ඔව් ටේ....
පුටුවේ වාඩි වෙලා ඉන්න ජන්කුක් ලඟට ගිය ටේහියුන්ග් ජන්කුක්ගේ කර වටේ අත යවලා පිටි පස්සෙන් බදා ගන්න ගමන් ජන්කුක්ගේ නලලේ පැත්තකට හාදුවක් දිලා ජන්කුක්ගේ උරහිස උඩින් බැලුවෙ ජන්කුක් මොකක් දිහාද මෙච්චර වෙලා බලන් හිටියෙ කියලා.......
YOU ARE READING
Wife ? No no husband (Completed ✅)
Fanfictionඅපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්රීයේ ජන්ග්කුකී උන කෙල්ල...