First night..🌠(20)

4.1K 592 245
                                    

Mansion එකේ විශාල gate එකෙන් ටේහියුන්ග් ආපු වාහානේ ඇතුලට දාද්දි ජන්කුක්ගේ ඇස් දිලිසෙන්න ගත්තේ mansion එක දැකලා....

මේ ජන්කුක් උනාත් ටේහියුන්ග්ගේ ගෙදරට එන පලවෙනි වතාව...කලින් ටේහියුන්ග්ගේ ගෙදරට එන්න කියලා ජන්කුක්ට කොයි තරම්වත් ආරාධනා ලැබුනාත් එයා ඒ හැමදේම ප්‍රතික්ෂේප කරේ විශාල මන්දිරයක් ඇතුලේ තප්පරයක් යන්නත් කලින් රාගයෙන් මත් වෙන ටේහියුන්ග් එක්ක තනි උනෝත් ඊට පස්සේ වෙන්නෙ මොනාද කියලා හොඳාකාරවම දන්න නිසා....

එත් දැන් තත්වේ ඊට වඩා වෙනස්... තව කොච්චර දවසක් නම් ජන්කුක් ටේහියුන්ග්ගෙන් පැනලා යන්නද....අද ඉදන් ජන්කුක්ට සිද්ද වෙන්නේ ටේහියුන්ග් එක්ක එක වහලක් යට ජීවත් වෙන්න තමයි...නමුත් තව දුරටත් ජන්ග්කුකී කියන ව්‍යාජ රූපෙන් නම් නෙමෙයි.......

Mansion එකේ දොර ඉස්සරහින් කාර් එක පාර්ක් කරද්දි ජන්කුක් එක්කම කාර් එකෙන් බැස්ස ටේහියුන්ග් ජන්කුක්ව තමන්ගේ අත් අතර හරහට වඩා ගත්තේ mansion එකේ සේවයට ඉන්න මූර කාරයෝ සියලූ දෙනාටම එදා රාත්‍රීය mansion එක ඇතුල තහනම් කලාපයක් කරලා.....

හෙමින් පඩිපෙළ නඟිමින් ටේහියුන්ග් අවසානේ එයාගේ නිදන කාමරේ දොරත් විවෘත කරලා ජන්කුක්ව හරි පරිස්සමෙන් ඇඳ උඩින් තිබ්බා.......

මුලු කාමරේම රතු පාටින් සරසලා තිබ්බා වගේම නිදන ඇඳත් සුදු රතු මික්ස් වෙච්ච  bedsheet  එක්ක හැම තැනම රෝස පෙති අහුරලා හරිම ලස්සනට රොමැන්ටික් විදිහටම හදලා තිබුනා.....

ජන්කුක්ව ඇඳ උඩින් තියලා තමන්ගේ අත් නිදහස් උන ගමන් ටේහියුන්ග් එයාගේ ශර්ට් එකේ බොත්තම් ගලවන්නයි සූදානම් උනා....

පැය ගානක් ඇඳගෙන හිටිය කෝට් එක එහෙමම පැත්තකට කරලා හෙමින් බොත්තම බොත්තම ගලවපු ටේහියුන්ග් තමන්ගේ දිව ඇතුල් කම්මුලේ එහෙට මෙහෙට ගෙනිච්චෙත් ජන්කුක් දිහා සරාගි විදිහට බලාගෙන....

තප්පරෙන් තප්පරේ ගැලවෙන ශර්ට් එකේ බොත්තම් වලින් ටික ටික නිරාවරණය වෙන ටේහියුන්ග්ගේ ශක්තිමත් පපුව දැක්ක ජන්කුක් ඒ දිහා ඇස් පිල්ලමක්වත් නොගහ බලන් හිටියේ ඒ දේට ඇබ්බැහි උන කෙනෙක් වගේ...

Wife ? No no husband    (Completed ✅)Where stories live. Discover now