අනේ මගෙ සුදු පූසෝ........මීට විනාඩි ගානකට කලින් තමන්ට හම්බුන කොල්ලා ගැන හිත හිතා හොබී කිරිපණුවෙක් වගේ දගල දගල යුන්ගිගෙ ඇග ඇලෙනවා..
පලයන්කො යන්න එහාට..මොන වස්තරේටද මගෙ ඇගේ ඇලෙන්නෙ..🐱
අනේ මගෙ සුදු පූසෝ.....එයාවමයි ඕනීඊඊඊ...🦄
මොන කරුමයක් මන්දා....මමත් කරගත්තු හරියක්...🐱
ඔලුවට අත ගහගත්තු යුන්ගි තමන්ටම කියා ගත්තෙ මේ විනාඩි ගාන ඇතුලත් හොබී සියපාරකට වඩා ඕක කිවුව නිසා...මේ දිහා බලන් ඉදපු ජිමින් හයියෙන් හිනා වෙන්න ගත්තා..ඔලුවට අත ගහගෙන හිටපු යුන්ගි ඔලුව ඉස්සුවෙ කවුද ආතල් ගන්න එකා කියලා බලන්න..ඒත් එක්කම යුන්ගි දැක්කෙ හිනා වෙන ජිමින්ව...හිනා වෙනකොට හීනි වෙන ඒ කලු ඇස් , ලා රෝස පාට වෙන කම්මුල් , හිනාව නිසාම කන ලගට වෙන්න තිබුන රෝස තොල්....යුන්ගි හිටියෙ වෙනම සිහියක..
ඒන්ජ්ල් කෙනෙක් වගේ..
රහසින් මිමිණුව යුන්ගි ජිමින්ට එහා පැත්තෙ ඉදපු ටේ දිහා ඇස් කොනින් වගේ බැලුවා..
ටේත් සම්පූර්ණෙම්ම හිනාවෙන්න මූඩ් එකක් නැතත් ලාවට හිනා වෙලා හිටියා..ලාවට හිනාවෙලා හිටියත් ඒ හිනාව කාටවත් සම කරන්න බැරි තරම්ම ලස්සනකටත් වඩා හුරතල් කම තිබුනා..හිනා වෙනකොට ඒ බෝල puppy eyes වලින් අහින්සක කම උතුරනවා...
මෙච්චර වෙලාවක් ටේගේ අහින්සක ඇස් වල අතරමන් වෙලා හිටපු යුන්ගි පියවි සිහියට ආවේ පිටිපස්සෙන් ඇහිච්ච අලුගුත්තේරු කටහඩ නිසා...
ජන්කූක්..........
මෙච්චර වෙලා ෆෝන් ඔබ ඔබ ඉදපු ජන්කූකුත් ඔලුව උස්සලා බැලුවෙ මොකාද ඇවිල්ලා ඉන්නෙ කියලා බලන්න...
මෙච්චර වෙලා හිනාවෙන් පිරිලා තිබුන ටේබල් එක ඈත ඉදන් කෑගහන රේචල්ව දැකලා නිශ්ශබ්ද වෙලා ගියා...ජිමින් ඇරෙන්න අනිත් හැමෝම මූන එල්ලගනිද්දින් ටේ හිමින් සැරේ ඔලුව උස්සලා ජන්කූක් දිහා බැලුවා...ඒ මූනත් අදුරු වෙලා...ජන්කූක් පුලුවන් තරම් සාමාන්‍ය විදියට ඉන්න උත්සහා කලත් ටේට ජන්කූක්ගෙ පුන්චි වෙනසක් පවා තේරුනා...
YOU ARE READING
🥺My youth 🥰 (Taekook)
Fanfic"ජන්ග්කූක්..ඔයා මට ඇත්තටම ආදරේ නැද්ද ? " "නැහැ " "ඔයා හදවතට එකගවද ඔය කියන්නෙ.." "ඔව් " බෙයා..මන් ඔයාට ආදරෙයි...මේ ලෝකෙ හැමදේටම වඩා.. ඒත් මට ඒක ඔයාට කියන්න තරම් ශක්තියක් නෑ බෙයා.. ඔය නිල් පාට ඇස් , රෝස කම්මුල් , පීච් වගේ තොල් , දිග ඇස් පිහාටු , ගෝල්ඩ...